2022 අප්‍රේල් 18 වැනි දින සිට සියලුම රජයේ පාසල්වල දෛනික පාසල් කාලය පැයකින් දීර්ඝ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් දී ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ, මෙම වසරේ අධ්‍යයන වාරය සඳහා පමණක් දෙසැම්බර් 23 වැනිදා දක්වා දීර්ඝ කෙරෙන බවයි.
පළමු පාසල් වාරයේ මගහැරුණු වේලාවන් ආවරණය කර ගැනීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය. එමෙන්ම අතුරු නිවාඩු ඇතුළු පාසල් කාලසටහන් දැනටමත් විදුහල්පතිවරුන් වෙත ඉදිරිපත් කර ඇත.