දකුණු ආසියාවේ ඉහළම සාක්ෂරතා අනුපාතය ශ්‍රී ලංකාව සතුය. නමුත් කණගාටුවට කරුණක් නම්, තිරසාර හා ප්‍රගතිශීලී අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම සඳහා මූලික කරුණු සංවර්ධනය කිරීම දුෂ්කර ය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය අධ්‍යාපන පද්ධතියට බලපාන එක් තීරණාත්මක ප්‍රධාන සාධකයක් වන්නේ ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවේ දූෂිත රජයයි. අධ්‍යාපනය සඳහා රජයෙන් අරමුදල් සම්පාදනය කිරීම, අනාගත අවධානයක් යොමු නොකිරීම, තමන්ගේ දේශපාලන අවශ්‍යතා ඉටුකර ගැනීම සහ නියාමනය නොකළ අධ්‍යාපනය වැනි කරුණු සලකා බැලිය යුතු ප්‍රධාන කරුණු කිහිපයකි.
රටේ දූෂණය, අධ්‍යාපන ක්‍රමයට ඉතා අයහපත් ලෙස බලපායි. අධ්‍යාපනයේ ඇති දූෂණ, රටේ ආර්ථික හා සමාජ අසමානතාවය ගැඹුරු කරන අතර සමාජ සංචලනයට බාධා කරයි.
ප්‍රවෘත්ති සහ සමාජ මාධ්‍යවල පැතිර යන වාර්තා සහ ඡායාරූපවලට අනුව, 2022 මැයි 31 වන දින ගම්පහ දිස්ත්‍රික්කයට අයත් දුෂ්කර ප්‍රදේශයක සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ට අයහපත් කාලගුණය හේතුවෙන් දුෂ්කරතා රැසක් ඇති විය.
මහා වර්ෂාවේ කුඩ ඉහළාගත් ළමයි විභාග ලිව්වේය. ජීවිතයේ පළමු හා තීරණාත්මක පියවර වන්නේ සා/පෙළ විභාගයයි, මොන තත්ත්‍වයේ වුවද ඔවුන් විභාගය ලිවීමට වෙහෙසෙන්නේ ඒ නිසයි
මෙවැනි තත්ත්‍වයකට මුහුණ දීමට සිදුවීම ගැන මේ අසරණ දරුවන්ගේ වරදක් තිබේද ? නැත්නම් අප කාලගුණයට දොස් පැවරිය යුතුද?
මෙම ව්‍යවසනකාරී තත්වය සම්පූර්ණයෙන්ම රාජ්‍ය පරිපාලනයේ වරදකි. මෙම දරුවන්ට විභාග ලිවීමට සුදුසු ඉඩකඩක් දීමට නොහැකි මෙවැනි කුහක බලධාරීන් අතින් වෙන කුමක් බලාපොරොත්තු විය හැකිද? . පුරවැසියන් සෑම කෙනෙකුගේම ජීවිත වල ඇති ඉමහත් බලාපොරොත්තු විනාශ කිරීමේ වරද නිසැකවම මෙම හොර දේශපාලනඥයන් සහ ඔවුන්ගේ දූෂිත දේශපාලන පද්ධතිය මත පැවරිය යුතුය.
මේ වන විට මේ අර්බුද මැද්දේ සිටින මවුපියන් හට තම දරුවන් පෝෂණය කිරීම ද ගැටලුවකි. ඔවුන් දරුවන් විභාග ශාලාවට පිටත් කර හරින්නේ දැඩි බලාපොරොත්තු ඇතිව ය. අනෙක් අතට දරුවන් තුළද විශාල බලාපොරොත්තු ඇත. නමුත් අවසානයෙ ඔවුන්ට අත්වූ ඉරණමට කෙතරම් අතිමහත් ද? ඔවුන්ට කිසිදු ගැටළුවකින් තොරව විභාග අවසන් කිරීමට නොහැකි විය. ඔවුන්ගේ බලාපොරොත්තු සහ සිහින ඔවුන්ගේ පිළිතුරුපත්‍ර සමඟ ම සේදී ගියේය.
කොවිඩ් 19 ව්‍යාප්තියත් සමඟ දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටුණි. පාසල් වසා දමා මාර්ගගත ඉගැන්වීම් ආරම්භ කළහ. මේ අතර, මොහොතක් සිතා බැලීමේදී, බොහෝ සිසුන්ට මාර්ගගත සැසිවලට සහභාගී වීමට නොහැකි විය. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් බොහෝ සිසුන්ට පරිගණක සහ අන්තර්ජාලය සඳහා ප්‍රවේශය නොමැති වීම හේතුවෙන් පීඩාවට පත් විය. මීට අමතරව, බොහෝ සිසුන්ට ස්මාර්ට් ජංගම දුරකතනයක් මිලදී ගැනීමට නොහැකි වූ අතර ස්ථාවර ජාල සම්බන්ධතාවයක් ලබා ගැනීම සඳහා ළමයින්ට සැතපුම් ගණන් ඇවිදීමට සිදු විය.
සෑම සිසුවෙකුටම තම අධ්‍යාපනික කාර්ය සාධනය වැඩිදියුණු කිරීම සඳහා අධ්‍යාපනික සම්පත් සහ උපකාරක සේවාවන් සඳහා ප්‍රමාණවත් ප්‍රවේශයක් ලබා ගැනීමට හිමිකම් තිබිය යුතුය. තවද, මෙය සමාජ දුරස්ථභාවය පිළිපැදීමේ ගෝලීය අවශ්‍යතාවයක් තිබියදීත් ය.
පසුගියදා සිදුවූ කින්යා හි තොටුපළ ක් කඩාවැටීම ඔබට මතකයට ගතහොත්, දරුවන්ගේ සුබ සිද්ධිය සම්බන්ධයෙන් රජය දක්වන උනන්දුවේ අඩුව පෙන්නුම් කිරීමට මෙය හොඳම උදාහරණයකි. කින්නියා ප්‍රදේශවාසීන් තම දරුවන්ගේ යහපත වෙනුවෙන් පාලමක් ඉදිකර දෙන ලෙස ඉල්ලා සිටියත් අහිංසක ජනතාවගේ මරණයට පෙර පාලමක් සාදා දීමට මෙහි රජය අපොහොසත් විය.
ගම්බද ප්‍රදේශවල දරුවන් අධ්‍යාපනය සඳහා සැතපුම් ගණන් පයින් ගමන් කරයි. ඔවුන්ට නිසි ප්‍රවාහන පහසුකම් හෝ ඇවිදීමට හොඳ මාර්ග ද නොමැත. මෙවැනි අහිතකර තත්ත්වයන් සමාජය තුළ තවත් බොහෝ බලපෑම් ඇති කරයි. කුඩා දරුවන්, විශේෂයෙන්ම දුෂ්කර ප්‍රදේශ වල කුඩා දැරියන් පා ගමනින් පාසල් යන්නේ නම් අපට ඇයගේ ආරක්ෂාව සහතික කළ හැකිද? පැහැදිලිවම, අපට එසේ කළ නොහැක්කේ පැහැරගැනීම් සහ ස්ත්‍රී දූෂණ සමාජයේ ප්‍රධාන අපරාධ ගණයට අයත්ව ඇති නිසාය. මෙවැනි දෑ මාධ්‍යවල සැරිසරන හෙයින් සිදුවන දේ අප හොඳින් හඳුනන්නෙමු. මෙසේ පාසල් යන දරුවන්ට අධ්‍යාපනය පමණක් නොව අනෙකුත් බලපෑම් මගින් බොහෝ අහිතකර දේවල් සිදු විය හැකිය.
මෙය අප ජීවත් වන රටේ දුෂ්කර පැතිවලින් එකකි, දුෂ්කර පළාත්වල මිනිසුන් හට නිදහස් අධ්‍යාපනයට කිසිදු ප්‍රමුඛතාවයක් නොලැබේ. මේ අතර තවත් රටේ කොටසක් ජීවිතය උපරිමෙන්ම විනෝද වෙති.
මුළු රටම අර්බුදයකට ලක්වී තිබුනද නෙළුම් කුළුණ, අධිවේගී මාර්ග, අසාර්ථක රොකට් යැවීම්, මැති ඇමැතිවරුන්ට සොඛෝපභෝගී මන්දිර ඉදිකිරීම්, වැනි අතිරික්ත යටිතල පහසුකම් ඉදිකිරීමට ඔවුන්ගේ පෞද්ගලික අවශ්‍යතා සඳහාත් මිල අධික භාණ්ඩ මිලදී ගැනීමටත් පාලකයන්ට ප්‍රමාණවත් තරම් මුදල් තිබුණි.නමුත් ඔවුන්ට සාමාන්‍ය ජනතාවගේ සුබසිද්ධිය සඳහා මුදල් ලැබුණේ නැත.
මේ සියලු නොවැදගත් දේවල් කෙරෙහි අවධානය යොමු කළ හැකි ඔවුන්ට මෙම දුෂ්කර පාසල් කෙරෙහි අවධානය යොමු කිරීමට නොහැකි වන්නේ ඇයි?
උගත්කමින්,සදාචාරයෙන් තොර දූෂිත දේශපාලකයන් බලයට පත්වූ පසු මෙවැනි තත්වයන් සාමාන්‍යය. ඔවුන් අධ්‍යාපනයේ ඇති වටිනාකම නොදන්නා විට ඔවුන් මේ ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂා කරන්නේ කෙසේද? බලයට කෑදර මෙවැනි නූගත් දේශපාලන චරිත පාර්ලිමේන්තු බලය වෙනුවෙන් සටන් කරනවා මිස මේවායේ බරපතළකම ගැන අවදානයක් නොදෙයි.අපේ අනාගතපරපුරේ අධ්‍යාපනයට ඔවුන් අවදානයක් නොදක්වන විට අප රට දියුණු වන්නේ කෙසේද? මෙයින් පෙනියනේ අප කොතරම් පසුගාමීද යන බවයි.
මගේ පෞද්ගලික මතය වන්නේ ශ්‍රී ලංකා රජය දරුවන්ගේ අධ්‍යාපනය නංවාලීම සඳහා මීට වඩා දැඩි උනන්දුවක් දැක්විය යුතු බව යන්නයි. අපගේ අධ්‍යාපන ක්‍රමය අලුත් පරම්පරාවේ අපේක්‍ෂිත අවශ්‍යතා සපුරාලීම සඳහා අප විසින් එය වෙනස් කළ යුතුයි.
අපේ ජනවිකාස තත්ත්වය අපේ රටට සම්පතක් ද නැද්ද යන්න තීරණය වන්නේ ඔවුන්ගේ ඉගෙනීමේ ගුණාත්මක භාවය මතය. හොඳින් ඉඩකඩ සහිත පාසලක මූලික පහසුකම් සහ භාණ්ඩ, පුවරු, බල්බ සහ විදුලි පංකා වැනි විදුලි උපාංග, සනීපාරක්ෂක වැසිකිළි, පාරිභෝජනය සඳහා ජලය, ක්‍රීඩා පිටි, ළමුන්ට පරීක්ෂා කිරීමට උපකරණ සහිත රසායනාගාර සහ පරිගණක සහිත පන්ති කාමර ඇත.
හොඳ පාසල් ගොඩනැගිල්ලක් තිබීම ප්‍රමාණවත් නැත නඩත්තු කිරීම ද අවශ්‍යය. මෙවැනි පරිසරයක සිසුන් ඉගෙන ගැනීමට ද කමතක් දක්වයි.
අධ්‍යාපනය හැදෑරීමට සිසුන්ගේ ඇති කැමැත්ත අකමැත්ත හා ඔවුන්ගේ ගුරුවරුන්ගේ ඉගැන්වීමේ ගුණාත්මක භාවය අතර සම්බන්ධක් ඇත. පාසල්වල ක්‍රීඩා පහසුකම් සහ ජීවන කුසලතා සහ පෞරුෂය ගොඩනැගීමට දායක වන සංස්කෘතික උත්සව සඳහා අවස්ථාව තිබිය යුතුය.
කෙසේ වෙතත්, අතිමහත් බහුතරයකට එවැනි පහසුකම් සඳහා ප්‍රවේශය නොමැත. මන්ද, දැරිය නොහැකි පිරිවැය සහ දුෂ්කර පිහිටීම වැනි ගැටළු හේතුවෙන් ගුණාත්මක ගුරුවරුන් ගේ ඉදිරිපත් වීමක් නොමැත.
ස්ථාවර සාක්ෂරතා මට්ටමක් පවත්වා ගැනීම සඳහා, අපේක්ෂිත ඉගෙනුම් ප්‍රතිඵල සාක්ෂාත් කර ගැනීම සඳහා නිසි ඉගෙනුම් පරිසර පද්ධතියක් රටේ සතර කොනේ ඇති බව සහතික කළ යුතුය.
නොදුරු අනාගතයේදී මේ සියලුම ගැටළු විසඳි රට හොඳ අනාගතයකට මුල පිරීමට ප්‍රාර්ථනා කරමු.