• මුල් පිටුව
  • භාෂාවන්
    • English
    • தமிழ்
  • මාතෘකා
    • ක්‍රීඩා
    • අධ්‍යාපන
    • සෞඛ්‍යය
    • කාලීන තතු
    • ජීවන විලාස
    • මුල්‍ය සහ වෙළදාම
    • විද්‍යාව සහ තාක්ෂණය
  • සංවිධානය
    • Fête
    • Team
    • Welfare
    • අප-පිළිබඳව
    • සම්බන්ධ වන්න
    • ප්‍රතිපත්ති සහ ප්‍රකාශන
sl webcast logo
Facebook Twitter Instagram Pinterest YouTube WhatsApp Telegram LinkedIn
SL WebCast සිංහල
  • මුල් පිටුව
  • භාෂාවන්
    • English
    • தமிழ்
  • මාතෘකා
    • ක්‍රීඩා
    • අධ්‍යාපන
    • සෞඛ්‍යය
    • කාලීන තතු
    • ජීවන විලාස
    • මුල්‍ය සහ වෙළදාම
    • විද්‍යාව සහ තාක්ෂණය
  • සංවිධානය
    • Fête
    • Team
    • Welfare
    • අප-පිළිබඳව
    • සම්බන්ධ වන්න
    • ප්‍රතිපත්ති සහ ප්‍රකාශන
SL WebCast සිංහල
Home»ජීවන විලාස»අවසාන උපකාරක ඇමතුම සියදිවි නසාගැනීමද?
ජීවන විලාස

අවසාන උපකාරක ඇමතුම සියදිවි නසාගැනීමද?

පරිවර්තනය : දිල්මි ගුණසේකර
Bishma BakeerBy Bishma Bakeer15/10/2022No Comments6 Mins Read
Facebook Twitter Pinterest LinkedIn Tumblr WhatsApp Email Telegram
Share
Facebook Twitter LinkedIn Pinterest Email WhatsApp Telegram

සියදිවි නසා ගැනීම යන්නෙන් අදහස් කරන්නේ තම ජීවිතය නැති කර ගැනීමයි. ඔබේ දැඩි හැඟීම් පාලනය කිරීමට ඔබ සටන්  කරනවා විය හැකිය. දේවල් කිසිදා යහපත් නොවන බව ඔබේ හැඟීම තිබුනත් , ඔබ තනි වී නැති බව මතක තබාගන්න. සියදිවි නසා ගැනීම ගැන දැනුවත් වූවද ඔබට එසේ සිදු කරන්නට සිත් වේ නම්, ඒ ඔබේ මානසික ගැටලුවක් බව නිගමන වලට එලබීමට නොහැකිය. සියදිවි නසාගැනීමේ සිතුවිලි බොහෝ විට ඔබට ජීවිතයට ඇති ආසාව නැති කරදමයි . බොහෝ අය විශ්වාස කරන්නේ දැඩි මානසික අවපීඩනයෙන් පෙළෙන අය හෝ සුළු වශයෙන් මානසික අවපීඩනයෙන් පෙළෙන අය සියදිවි නසා ගැනීමට පෙළඹෙන බවයි. මිනිසුන් සාමාන්‍යයෙන් දුක සහ බලාපොරොත්තු සුන්වීම වැනි මානසික අවපීඩනයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන බැවින්  ඇතිවන විෂාදය, සියදිවි නසා ගැනීමට හේතුව බව මිනිසුන් විශ්වාස කරයි. ඔවුන්ගේ මරණයට හේතු බැලූ විට, මෙම රෝග ලක්ෂණ ස්වයංසිද්ධ වේ. ආතතිය යනු සෑම කෙනෙකුම අත්විඳින හැඟීමකි, නමුත් මිනිසුන් එය සමඟ කටයුතු කරන ආකාරය තත්වය අනුව වෙනස් වේ. බොහෝ අය ඔවුන ජීවත් වන වටපිටාව හෝ ඔවුන්ගේ මානසික තත්ත්වය හේතුවෙන් ආතතියට මුහුණපායි.

සියදිවි නසා ගැනීම සෑම ජන කොට්ටාසයකටම පොදු සිදුවීමකි. සියදිවි නසාගැනීමේ සැලකිය යුතු ඉහළ අනුපාතයක් ඇති කිසිම ජාතියක්, ස්ත්‍රී පුරුෂ භාවයක් හෝ වාර්ගිකත්වයක් නොමැත. බහුතරයක් දෙනා විශ්වාස කරන්නේ සියදිවි නසා ගැනීම තම සියලු ගැටලුවලට විසඳුම බවයි. විකල්ප විසඳුමක් සොයාගත හැකිව තිබියදීත් සියදිවි නසාගැනීම් මේ ලෝකයේ බොහෝ ජීවිත බිලිගෙන ඇත. සෑම කෙනෙකුම තම ජීවිතයේ සෑම දෙයක්ම වැරදි ලෙස පෙනෙන අවස්ථා තිබේ. දුෂ්කරතා රැසක් මද්‍යයේ, එක් අවාසනාවක් තවත් අවාසනාවකට මුලපිරීමේදී ඇතිවන කලකිරීම, පුද්ගලයෙකුට එය තවදුරටත් දරාගත නොහැකි බවක් දැනේ. සෑම පුද්ගලයෙකුටම එවැනි අවස්ථාවන් සඳහා තමාගේම උපාය මාර්ගයක් ඇත: යමෙක් මානසික සහන සඳහා මත්පැන් වෙත හැරෙති, තවත් සමහරු අධික ලෙස සාප්පු සවාරි යාම හෝ ආහාර ගැනීම වැනි පාලනය කරගත නොහැකි හැසිරීම් වල නිරත වෙති, තවත් සමහරු එක තැනක රැඳී සිට සියළු දුක් කම්කටොලු අවසන් වන තෙක් බලා සිටිති. . කෙසේ වෙතත්, සමහර පුද්ගලයන්ගේ මනෝභාවයන් විවිධ හේතූන් මත විපත්තිවලට ඔරොත්තු දීමට නොහැකි තරම් සංවේදීය. ජීවිතය දුෂ්කර වූ විට ඔවුන් සියදිවි නසා ගැනීමට උත්සාහ කරන්නේ ඔවුන්ගේ ගැටළු සම්පූර්ණයෙන්ම නැති කර ගැනීමට ය. බොහෝ මිනිසුන් විවිධ හේතු නිසා සියදිවි නසා ගන්නා නමුත් වඩාත් සුලභ වන්නේ සබඳතා ගැටළු, පවුල් ගැටළු සහ මානසික රෝග  යන තුනයි.

චිත්තාවේගය සියදිවි නසා ගැනීමට තවත් හේතුවක් වේ. ආවේගශීලී සියදිවි නසාගැනීම් බහුතරයක් සිදුවන්නේ මත්ද්‍රව්‍ය  හෝ මත්පැන් පානයට ගොදුරු වී සිටිමෙන්ය. පුද්ගලයෙකු සන්සුන්ව සිටින විට, ඔහුට හෝ ඇයට සියදිවි නසාගැනීමේ සිතුවිලි ඇති විය නොහැකිය; කෙසේ වෙතත්, මත්ද්‍රව්‍ය  බලපෑමට ගොදුරු  වූ විට, ඔහුට හෝ ඇයට සිය දිවි හානි කරගැනීමේ ආවේගශීලී සිතුවිල්ලක් ඇති විය හැකි. මත්ද්‍රව්‍ය අනිසි භාවිතය, බලවත් නොවූ මනෝ  ක්‍රියාවලීන් සහ ඇතැම් පෞරුෂ ගති ලක්ෂණ එක්ව, මෙවැනි සියදිවි නසාගැනීම් සඳහා බලපෑ හැක; මේ අනුව, යම් පුද්ගලයෙකු මත්පැන් පානය කර නොසැලකිලිමත් ලෙස හැසිරෙන බවට සලකුණු තිබේ නම්, මෙම ගති ලක්ෂණ ඉතා ප්‍රවේශමෙන් විසඳිය යුතුය.

සියදිවි නසාගැනීමේ සිතුවිලි, චේතනාවන් සහ නැඹුරුවාවන් මාරාන්තික නොවන බව තේරුම් ගැනීම ඉතා වැදගත් වේ. එවැනි මානසික තත්වයන්ට නවීන වෛද්‍ය විද්‍යාව, විශේෂයෙන් මනෝචිකිත්සාව සහ මනෝවිද්‍යාව මගින් ඵලදායී ලෙස ප්‍රතිකාර කළ හැකිය. මංමුලා සහගත තත්වයන්ගෙන් හා සංවේදී  පුද්ගලයෙකුට එය නොපෙනුනත්, ඕනෑම තත්වයකින් මිදීමට මාර්ගයක් සැමවිටම තිබේ. මිතුරන් සහ පවුලේ අයගේ අවධානය සහ සැලකිල්ල, විශ්වාසය සහ කරුණාවන්ත ආකල්පය, මනෝ චිකිත්සාව, නිර්දේශිත ඖෂධ සහ කාලය යන සියල්ලම මානසික අවපීඩනය සහ සියදිවි නසාගැනීමට තුඩු දෙන අනෙකුත් සාධක සඳහා ඵලදායී ප්‍රතිකාර වේ. මානසික ආබාධවලට ප්‍රතිකාර කිරීමට හෝ කළමනාකරණය කිරීමට හැකිය: සමහර විට අද දන්නා දරුණුතම මානසික රෝගය වන භින්නෝන්මාදයෙන් පෙළෙන රෝගීන්ට උවද සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකිය.

ඔබ දන්නා කෙනෙකු තුල සියදිවි නසාගැනීමේ හැසිරීමක් දුටුවහොත්,ඔබ කුමක් කල යුතු දැයි වදවනවා විය හැක . එවැනි අවස්ථාවලදී නොසන්සුන්තාවයක් හෝ බියක් දැනීම ස්වභාවිකය. සියදිවි නසාගැනීම් ගැන කතා කරන හෝ වෙනත් ඇඟවීමේ සංඥා පෙන්නුම්  කරන ඕනෑම කෙනෙකුට ක්ෂණික හා ඉක්මන් උපකාර අවශ්‍ය වේ.

ඕනෑම කෙනෙකුට තම සියදිවි නසාගැනීමේ සිතුවිලි සහ හැඟීම් ගැන මිතුරෙකු හෝ පවුලේ සාමාජිකයෙකු සමඟ කතා කිරීම දුෂ්කර විය හැකිය. කෙසේ වෙතත්, යමෙකු සියදිවි නසා ගැනීමට තැත් කරයිදැයි තීරණය කිරීමට හොඳම ක්‍රමය වන්නේ ඔවුන්ගෙන් විමසීමයි. ඔබේ එම සැලකිල්ල පෙන්වමෙන් අනෙකාට හානියක් වන්නේ නැත . ඇත්ත වශයෙන්ම, සියදිවි නසා ගන්නා පුද්ගලයෙකුට තම හැඟීම් ප්‍රකාශ කිරීමට ඉඩ දීමෙන් තනිකම සහ නිෂේධාත්මක හැඟීම්වලින් සහනයක් ලබා ගත හැකි අතර සියදිවි නසාගැනීමේ උත්සාහයක් වළක්වා ගත හැකිය. සියදිවි නසා ගන්නා බොහෝ අය ඔවුන්ගේ සැබෑ හැඟීම් හෙළි නොකරයි. සියදිවි නසාගැනීමට ඊට නොවෙනස් පසු සිද්දීන් ඇත. ඔවුන් අතින් අතපසු වීමක් වූ බවට විශ්වාස කරන මිතුරන් සැමවිටම දුක් වේ. හොඳ මිතුරෙකු වීමට, සියදිවි නසාගැනීමේ කතා, ස්වයං-හානිකර ගැනීම, අවදානම් හැසිරීම් සහ මත්ද්‍රව්‍ය හෝ මත්පැන් අනිසි භාවිතය වැනි අනතුරු ඇඟවීමේ සලකුණසහිත ලක්ෂණ  සොයන්න. මෙම නිරීක්ෂණ කෙරෙහි අවධානය යොමු කිරීමෙන් ඔබට යමෙකුගේ ජීවිතය බේරා ගත හැකිය. අවසන් වශයෙන්, සියදිවි නසා ගැනීම ඕනෑම කෙනෙකුගේ ජීවිතයට මැදිහත් වීමේදී බැරෑරුම් ලෙස සැලකිය යුතු තීරණාත්මක මාතෘකාවකි. සියදිවි නසා ගැනීමට තැත් කිරීමේ ලක්ෂණ  හඳුනා ගැනීමට හැකි වීම ඉතා වැදගත් වේ.

යමෙකු සියදිවි නසා ගැනීමට පෙලඹෙන්නේ නම්, ඔබට කළ හැකි හොඳම දෙය නම් සංවේදීව සවන් දීමයි. ඔබේ ආදරණීයන්ට ඔවුන් තනිවම නොවන බවත් ඔබ ඔවුන් ගැන සැලකිලිමත් වන බවත් පෙන්වන්න. කෙසේ වෙතත්, ඔබේ ආදරණීයයාගේ සුවය සඳහා වගකීම භාර නොගන්න. ඔබට උපකාර කළ හැකි නමුත් සියදිවි නසා ගන්නා පුද්ගලයෙකු ඔබට තනිව හොඳ කළ නොහැක. ඔවුන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඔවුන්ගේ පෞද්ගලික කැපවීමක් ද තිබිය කළ යුතුය. සියදිවි නසා ගැනීමට පෙළඹෙන කෙනෙකුට උපකාර කිරීම සඳහා විශාල ධෛර්යයක් අවශ්‍ය වේ. ආදරය කරන කෙනෙකු සියදිවි නසාගැනීමේ සිතුවිලි සමඟ පොරබදනු දැකීම දුෂ්කර හැඟීම් රාශියක් ඇති කළ හැකිය. මානසික අවපීඩනය සහ බලාපොරොත්තු සුන්වීම ඇතුළු විවිධ හේතු නිසා ඕනෑම කෙනෙකුට සියදිවි නසා ගත හැකිය. යමෙකු සියදිවි නසාගැනීමට උත්සහ කරන බව ඔබට හැඟෙ නම්, ඔවුන්ට උපකාර කිරීමට ඔබට ගත හැකි උත්සාහයන් කිහිපයක් තිබේ: වෛද්‍යවරයෙක් අමතා ඔවුන්ගේ ගැටලු ගැන විවෘතව කතා කරන්න. සියදිවි නසා ගන්නා පුද්ගලයන් තම ජීවිතය අවසන් කර ගැනීම සම්බන්ධයෙන් දැඩි ලෙස පීඩනයක් ඇති කර ගනී. සියදිවි නසාගැනීමට ඇති විකල්ප  පිළිබඳව  සිතයි, නමුත් ඔවුන්ට එවැන්නක් නොපෙනෙන අතර එම අවස්ථාවේදී ඔවුන්ගේ මරණය අනෙක් පුද්ගලයින්ට ගෙන එන දුක්ඛිත තත්වය ඔවුන්ට අමතක වේ. ඔබ සියදිවි නසා ගන්නා පුද්ගලයෙකුට උපකාර කරන අතරතුර, ඔබ ගැන සොයා බැලීමට අමතක නොකරන්න. ඔබට ඔබේ හැඟීම් ගැන කතා කළ හැකි කෙනෙකු ද සොයා ගන්න මිතුරෙකු, පවුලේ සාමාජිකයෙකු, ගුරුවරයෙකු හෝ උපදේශකයෙකුගෙන් සහාය ලබා ගන්න.

ශ්‍රී ලංකා සුමිත්‍රයෝ

ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීම් වැළැක්වීමේ ක්‍ෂේත්‍රයේ ක්‍රියා කරමින් පසුගිය වසර 46 තුළ (1974 – 2020) පීඩාවට සහ බලාපොරොත්තු සුන් වූ පුද්ගලයින්ට චිත්තවේගීය සහය ලබා දුන් රජය විසින් අනුමත කරන ලද පුණ්‍යායතනයක්

ඔවුන්ගේ සේවාවන් – ඇතුළත්…

  • තැපෑලෙන්, දුරකථනයෙන් හෝ කතාබස් මාර්ගයෙන් සියදිවි නසා ගන්නා පුද්ගලයන් සහ විපතට පත් (මුහුණට මුහුණ) සිටින අය සමඟ මිත්‍ර වීම.
  • සියදිවි නසාගැනීම් වැලැක්වීම සහ එදිනෙදා ආතතිය හා ජීවිතයේ ආතතිය සමඟ කටයුතු කිරීමට කුසලතා වර්ධනය කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම. ඉල්ලීම මත ආයතන සමඟ මිත්ර වීම.
  • මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට චිත්තවේගීය සහය ලබා දීම.
  • ග්‍රාමීය සහ ප්‍රචාරක වැඩසටහන් (රෝහල්, පාසල්, ගෙයින් ගෙට යනාදී)

 

aid depression prevention suicide
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr WhatsApp Email Telegram
Previous Articleඉන්දුනීසියානු තෙරපීම හේතුවෙන් 120 කට වැඩි පිරිසක් මිය යයි
Next Article බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්, වර්ධනය වන තර්ජනයක්
Bishma Bakeer
  • Website
  • Facebook
  • Twitter
  • Instagram
  • LinkedIn

Journalist

Related Articles

ජීවන විලාස

ලෝක සංචාරක දිනය: එහි ආකර්ෂණීය සාරය වෙත ගමනක්

27/09/2023By Hafsa Rizvi
ජීවන විලාස

ලෝක මානවවාදී දිනය

19/08/2023By Shabeeha Harshad
ජීවන විලාස

Twitter එදිරිව Threads

26/07/2023By Shimla Wakeel
ජීවන විලාස

 ස්ත්‍රීවාදය ඇත්තෙන්ම විෂ සහිතද?

17/07/2023By Sreya Sree

Comments are closed.

Advertisement
අතපසු නොකරන්න
කාලීන තතු
කාලීන තතු

කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය

By Ishfa Ishak25/11/2023

ලොව පුරා සිටින ප්‍රජාවන්ට අඛණ්ඩව බලපෑම් කරන මානව හිමිකම් කඩකිරීමක් වන්නේ කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට…

ලෝක සංචාරක දිනය: එහි ආකර්ෂණීය සාරය වෙත ගමනක්

27/09/2023

ජාත්‍යන්තර සාක්ෂරතා දිනය 2023

08/09/2023

ලෝක මානවවාදී දිනය

19/08/2023
අපේ භාෂාවන්
  • English
  • தமிழ்
අපගේ මාතෘකා ගවේෂණය
  • ක්‍රීඩා
  • අධ්‍යාපන
  • සෞඛ්‍යය
  • කාලීන තතු
  • ජීවන විලාස
  • මුල්‍ය සහ වෙළදාම
  • විද්‍යාව සහ තාක්ෂණය
අපේ සංවිධානය
  • Fête
  • Team
  • Welfare
  • අප-පිළිබඳව
  • සම්බන්ධ වන්න
  • ප්‍රතිපත්ති සහ ප්‍රකාශන
Facebook Twitter Instagram YouTube LinkedIn WhatsApp Telegram
© 2025 SL WebCast. All rights reserved.Consultation by ExperGen

Type above and press Enter to search. Press Esc to cancel.

Sign In or Register

Welcome Back!

Login to your account below.

Lost password?