• මුල් පිටුව
  • භාෂාවන්
    • English
    • தமிழ்
  • මාතෘකා
    • ක්‍රීඩා
    • අධ්‍යාපන
    • සෞඛ්‍යය
    • කාලීන තතු
    • ජීවන විලාස
    • මුල්‍ය සහ වෙළදාම
    • විද්‍යාව සහ තාක්ෂණය
  • සංවිධානය
    • Fête
    • Team
    • Welfare
    • අප-පිළිබඳව
    • සම්බන්ධ වන්න
    • ප්‍රතිපත්ති සහ ප්‍රකාශන
sl webcast logo
Facebook Twitter Instagram Pinterest YouTube WhatsApp Telegram LinkedIn
SL WebCast සිංහල
  • මුල් පිටුව
  • භාෂාවන්
    • English
    • தமிழ்
  • මාතෘකා
    • ක්‍රීඩා
    • අධ්‍යාපන
    • සෞඛ්‍යය
    • කාලීන තතු
    • ජීවන විලාස
    • මුල්‍ය සහ වෙළදාම
    • විද්‍යාව සහ තාක්ෂණය
  • සංවිධානය
    • Fête
    • Team
    • Welfare
    • අප-පිළිබඳව
    • සම්බන්ධ වන්න
    • ප්‍රතිපත්ති සහ ප්‍රකාශන
SL WebCast සිංහල
Home»කාලීන තතු»බංග්ලාදේශයේ සංවර්ධනය
කාලීන තතු

බංග්ලාදේශයේ සංවර්ධනය

පරිවර්තනය : දිල්මි ගුණසේකර
Hafsa RizviBy Hafsa Rizvi24/07/2022Updated:24/07/2022No Comments5 Mins Read
Facebook Twitter Pinterest LinkedIn Tumblr WhatsApp Email Telegram
Share
Facebook Twitter LinkedIn Pinterest Email WhatsApp Telegram
"අපට හැකි බව අපි ලෝකයට පෙන්වා ඇත"
ෂෙයික් හසීනා
බංග්ලාදේශයේ අගමැති

මුලික වශයෙන් : 1971 දී බෙංගාලි නැගෙනහිර පකිස්ථානය, (බටහිර) පකිස්ථානය සමඟ වෙන් වූ විට බංගලිදේශය ජනරජයක් ලෙස බිහි විය.

බංග්ලාදේශයේ වර්ධනය

බංග්ලාදේශයේ වර්ධනය හා සංවර්ධනය පිළිබඳ විශිෂ්ට වාර්තාවක් ඇත. ජනවිකාශනය, නිමි ඇඳුම් (RMG) අපනයනය, ප්‍රේෂණ සහ ස්ථාවර සාර්ව ආර්ථික තත්ත්වයන් මගින් පසුගිය දශකය තුළ ලොව වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයන් අතරට බංග්ලාදේශය පත්ව ඇත. එත් සමඟම බංග්ලාදේශය COVID-19 වසංගතයෙන් පසු නැවතත් ශක්තිමත් ආර්ථික ප්‍රකෘතියක් ඇති කළේය.

බංග්ලාදේශය, දරිද්‍රතාවය අඩු කිරීම සහ සංවර්ධනය පිළිබඳ  විශිෂ්ට පණිවුඩයක් ලොවට කියාපායි. 1971 දි දරිද්‍රත්වය ඉහල රටවලින් එකක් වූ බංග්ලාදේශය 2015 දී අඩු මධ්‍යම ආදායම් තත්ත්වයකට ළඟා වී ඇත. එය 2026 දී එක්සත් ජාතීන් ගේ සංගමයේ අඩුම සංවර්ධිත රටවල් (LDC) ලැයිස්තුවෙන් ඉවත්වීම ද නියමිත ය.

ආහාර සුරක්ෂිතතාව සාක්ෂාත් කර ගැනීම සහ දිළිඳුකම අවම කිරීම සම්බන්ධයෙන් බංග්ලාදේශය කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇත. ජනගහනයෙන් අඩක් පමණ කෘෂිකාර්මික අංශයේ රැකියාවල නිරත වේ. කෘෂිකර්මාන්තයේ වාර්ෂික වර්ධනය 1970-1990 කාලය තුළ 2% ට වඩා අඩු වූ අතර පසුගිය දශක දෙක තුළ 3.5% දක්වා වැඩි වී ඇත.

ඒ සමගම , කෘෂිකාර්මික අංශය දරිද්‍රතාවය අඩු කිරීමේ ප්‍රබල ධාවකයක් වී ඇත: 2005 සහ 2010 අතර, බංග්ලාදේශයේ සමස්ත දරිද්‍රතාවය අඩු කිරීම සඳහා කෘෂිකාර්මික අංශය 69% ක දායකත්වයක් ලබා දුන්නේය.

එහෙත්, එහි දරිද්‍රතාවය ප්‍රධාන පසුබෑමක් වීම, සංවර්ධනය සඳහා ක්‍රියාමාර්ග ගැනීමේදී බලධාරීන් විසින් ජනතාවට විකල්ප සෙවීමේ උනන්දුව වර්ධනය වී ඇත.

ක්‍රීඩාව දියුණු කිරීමෙන් පසුගාමී ජනතාවගේ ජීවිත දියුණු කළ හැකියි

  • බංගලදේශ 19න් පහළ කාන්තා පාපන්දු කණ්ඩායම SAAF ශූරතාව ජයග්‍රහණය කිරීම ඉතිහාසගත විය.
  • මෙරට පාපන්දු ඉතිහාසයේ විශිෂ්ටතම ජයග්‍රහණයක් වන කාන්තා කනිෂ්ඨ පාපන්දු කණ්ඩායමේ මෙම ජයග්‍රහණය එක් දෙයක් පැහැදිලිව පෙන්වීමට සමත් වී ඇත – ක්‍රීඩාව අසමානතාවය තුරන් කිරීමට සහ පසුගාමී අයට ඉදිරි තල්ලුවක් ලබා දෙන මෙවලම විය.
  • ක්‍රීඩාව මුදල් අතින් පමණක් නොව භෞතික දෑ අතින්ද ආර්ථික ප්‍රතිලාභ ජනනය කරයි. මෙය කෙසේ ද යන්න තේරුම් ගන්නට උත්සාහ කරමු.

“සෑම හවසකම මම ක්‍රිකට් පුහුණු සැසි නැරඹීමට සහ එම ක්‍රීඩකයන්ගෙන් ඉගෙන ගැනීමට අබාහානි පිටියට යනවා. මම අපේ පැත්තේ මගේ යාළුවෝ, අයියලා එක්ක සෙල්ලම් කරනවා. ක්‍රිකට් ක්‍රීඩා කිරීම මගේ ලොකුම විනෝදාංශය වී ඇති අතර එය දවස පුරා උද්යෝගිමත්ව සිටීමට මට උපකාර කරයි. දවස අවසානයේදී, මම නැවුම් මනසකින් පාඩම් කිරීමට පෙළඹේ. ” – රොටන් අහමඩ්, ධන්මොන්ඩි මුඩුක්කු ප්‍රදේශයේ ජීවත් වන JAAGO අනුග්‍රහයෙන් පවත්වනු ලබන පාසලකට යන 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දහතුන් හැවිරිදි දරුවෙකි.

බංග්ලාදේශය ක්‍රිකට් තරඟයට මුහුණ දෙන අවස්ථාවේ බොහෝ යෞවනයන් සහ වැඩිහිටියන් අතර ක්‍රීඩාව දැඩි උද්දෝගයක්  ඉටු කල අතර U19 කාන්තාවන් පාපන්දු ක්‍රීඩාවේදීද පෙරමුණ ගත් ආකාරය ඉහත සඳහන් යොමු තවදුරටත් විස්තර කරයි. රාජ්‍යය නඟා සිටුවීමට සහ සංවර්ධනය කිරීමට එහි තරුණයින්ට ක්‍රීඩාව එක් මාර්ගයකි. ක්‍රීඩා කුසලතා ආරම්භ කිරීමේ සහ හඳුනාගැනීමේ පළමු පියවර වන්නේ ක්‍රීඩාව ගම් මට්ටමින් හඳුන්වදීමය . ග්‍රාමීය ජනතාව ගේ ස්වභාවික කුසලතා ද මනා ලෙස ඔප්නන්වී ඇත. රටේ කුඩා කොනක සිට පවතින ස්වභාවික කුසලතා රට ඉදිරියට ගෙන යාමට උත්සුක වේ.

බංග්ලාදේශයේ හැරවුම් ලක්ෂය

මේ රටට හැරවුම් ලක්‍ෂ්‍යයක් ඇති වේ යැයි අප කිසිදා බලාපොරොත්තු වී තිබේද? එසේත් නැතිනම් ජනතාවගේ ඉටුවීම සම්බන්ධයෙන් විශාල ජයග්‍රහණයක් ද?

බංගලාදේශයේ දැන් නවීනතම ඖෂධ සමාගම් 300 ක් ඇති අතර ඒවා දේශීය අවශ්‍යතාවලින් 97% ක් සපුරාලයි.එමෙන්ම ලොව පුරා රටවල් 70 කට ද අපනයනය කරයි.

බංගලාදේශය වෛද්‍ය අංශයේ ද පුළුල් සංවර්ධනයක් පෙන්නුම් කර ඇත.

  • එය “විශිෂ්ට සාර්ථක කතාවක්” ලෙස සංවර්ධනය  සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගෙන ඇත.
  • ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාවකට අනුව 2021 දක්වා ඉහළම ආර්ථික වර්ධනයක් අත්කරගෙන ඇති ලෝකයේ රටවල් තුනෙන් එකක් වන්නේ බංග්ලාදේශයයි.
  •  එය නොමිලේ පෙළපොත් සපයයි, සෑම වසරකම පිටපත් මිලියන 400 කි. දැනට ප්‍රාථමික පාසලට ඇතුළත් වීමේ ප්‍රතිශතය 98%ක් වන අතර බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල සංඛ්‍යාව 170 දක්වා ඉහළ ගොස් ඇත.

යොමුව: https://lnkd.in/dbapVZ-7

ගෝලීය වශයෙන් තරඟකාරී නිෂ්පාදන අංශයකට ඵලදායිතාව සහ තාක්‍ෂණය අනුගත වී වැඩිදියුණු කිරීම

"නිමි ඇඳුම් (RMG) අපනයනයේ බංග්ලාදේශයේ සාර්ථකත්වය රැකියා මිලියන හතරක් පමණ නිර්මාණය කර ඇති අතර ආර්ථික වර්ධනයට හේතු වී ඇත. නමුත්, මෑත වසරවලදී, ස්වයංක්‍රීයකරණය හේතුවෙන් RMG අංශයේ රැකියා උත්පාදනය මන්දගාමී වූ අතර, කොවිඩ් වසංගතයට පසු එය තවත් වර්ධනය විය ”

මර්සි ටෙම්බන්, බංග්ලාදේශය සහ භූතානය සඳහා ලෝක බැංකු අධ්‍යක්ෂක Tweet

“වඩාත් හොඳ රැකියා උත්පාදනය කිරීම බංග්ලාදේශයේ සංවර්ධන ප්‍රමුඛතාවයකි. අපනයනය මූලික කරගත් නිෂ්පාදන අංශයකට වඩා හොඳ තාක්ෂණයන් අනුගමනය කිරීමෙන් තිරසාර හා වඩා හොඳ වැටුප් සහිත රැකියා නිර්මාණය කළ හැකිය.

සිද්ධාර්ත් ෂර්මා, ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ Tweet

බංග්ලාදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය

Padma Bridge
  • “ජාතියේ අභිමානවත් සංකේතය”: බංගලාදේශය එහි දිගම ගංගා පාලම විවෘත කරන ලදී.

“සමහර අය ප්‍රකාශ කරන පරිදි  අපි හැම විටම අන් අයට ණයගැතිව සිටිය යුතුයි , නමුත් අපගේ ජාතියේ පියා බංගබන්ධු ෂෙයික් මුජිබර් රහ්මාන් අපට ආත්ම ගෞරවයේ වැදගත්කම ඉගැන්නුවා,” හසීනා ජනතාව අමතමින් පැවසුවාය. 

“මෙම පද්ම පාලම ගඩොල් සහ සිමෙන්ති ගොඩක් නොව, බංග්ලාදේශයේ අභිමානය, ගෞරවය සහ හැකියාවේ සංකේතයක්” යැයි ඇය පැවසුවාය. 

“අපට හැකි බව අපි ලෝකයට පෙන්වා ඇත.”

  • බංග්ලාදේශයේ මිත්‍රත්ව රෝහල ලොව හොඳම නව ගොඩනැගිල්ල ලෙස නම් කර ඇත.

තිරසාර දේශගුණයක් පිහිටි අග්නිදිග බංග්ලාදේශයේ ඇති මිත්‍රත්ව රෝහල, එහි මධ්‍යස්ථානය හරහා දිවෙන ඇළ මාර්ගයක් සමඟින්, බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ හා රාජකීය ආයතනය විසින් ලොව හොඳම නව ගොඩනැගිල්ල ලෙස කිරුළු පැළඳ ඇත.

Bangladesh Friendly Hospital

ආසියානු සියවසේ බංග්ලාදේශයේ ආර්ථික සංවර්ධනය

ලෝක බැංකුවට අනුව, පසුගිය දශකය තුළ බංගලාදේශය ගෝලීය වශයෙන් වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයන් අතරට පැමිණ ඇත.

ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් බංග්ලාදේශයේ වැනි ආර්ථික සමෘද්ධියක් පෙන්වා නැත. බංගලාදේශ ආර්ථිකයේ නැඟී එන ස්වභාවය යහපාලනයකට හා තිරසාර ආර්ථික වර්ධනයකට මඟ පෑදිය හැකිද යන්න ගැටළුව මතු කරයි.

අවසන් කිරීමට මත්තෙන්, බංග්ලාදේශයේ දළ දේශීය නිෂ්පාදිත කාලසීමාව විස්තාරණය කිරීමට ඉහළ ඉඩක් ඇත. පිරිමි සහ කාන්තා යන දෙඅංශයේම ක්‍රීඩා, අධ්‍යාපනය සහ කර්මාන්තශාලාවල රැකියා , තාක්‍ෂණික අංශයන් සම්බන්ධයෙන් බංගලාදේශය අනෙකුත් රටවලට වඩා විශාල වශයෙන් වෙනස් කිරීමට කටයුතු කරමින් සිටී. තවද, පාලමක් ඉදිකිරීමේ ක්‍රියාවලිය හරහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ජනතාවගේ ජීවිතය සහ මූලික දෛනික කටයුතු පහසු කර ගැනීම සඳහා පහසුකම් සැලසීම. වෛද්‍ය ක්‍ෂේත්‍රයේ සංවර්ධන ක්‍රියාවලිය විශාල රෝහල් ඉදිකිරීම සහ ඖෂධ තිබෙන විශාල ඔසුසල් සංවර්ධනය කිරීම වැනි ක්‍රියා ඉතා තීව්‍ර වේ. ආර්ථිකයේ දරිද්‍රතාවය සහ පරිහානිය වෙනස් කර රට සාධාරණ මට්ටමකට ගෙන ඒමට මෙම ඉහත ක්‍රියාවලිය මහඟු පිටිවහලක් වේ.

යොමුව : https://www.routledge.com/The-Economic-Development-of-Bangladesh-in-the-Asian-Century-Prospects-and/Alam-Rahman-Islam/p/book/9780367541965

2022 bangladesh finance football hospital primeminister rmg
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr WhatsApp Email Telegram
Previous Articleලංකා ඉතිහාසයේ දැවැන්තම මහජන පිබිදීම
Next Article ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ගැන ඔබ දැනගත යුතු දේ
Hafsa Rizvi
  • Website

Related Articles

කාලීන තතු

කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය

25/11/2023By Ishfa Ishak
අධ්‍යාපන

වෘත්තීය සහ අධ්‍යයනය කටයුතු

08/07/2023By Rukaiya Khalid
කාලීන තතු

රියාද් හි ලොව විශාලතම නවීන නගරය

18/06/2023By Hafsa Rizvi
කාලීන තතු

IMF: ආර්ථික ගැලවීම

10/05/2023By Shabeeha Harshad

Comments are closed.

Advertisement
අතපසු නොකරන්න
කාලීන තතු
කාලීන තතු

කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය

By Ishfa Ishak25/11/2023

ලොව පුරා සිටින ප්‍රජාවන්ට අඛණ්ඩව බලපෑම් කරන මානව හිමිකම් කඩකිරීමක් වන්නේ කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට…

ලෝක සංචාරක දිනය: එහි ආකර්ෂණීය සාරය වෙත ගමනක්

27/09/2023

ජාත්‍යන්තර සාක්ෂරතා දිනය 2023

08/09/2023

ලෝක මානවවාදී දිනය

19/08/2023
අපේ භාෂාවන්
  • English
  • தமிழ்
අපගේ මාතෘකා ගවේෂණය
  • ක්‍රීඩා
  • අධ්‍යාපන
  • සෞඛ්‍යය
  • කාලීන තතු
  • ජීවන විලාස
  • මුල්‍ය සහ වෙළදාම
  • විද්‍යාව සහ තාක්ෂණය
අපේ සංවිධානය
  • Fête
  • Team
  • Welfare
  • අප-පිළිබඳව
  • සම්බන්ධ වන්න
  • ප්‍රතිපත්ති සහ ප්‍රකාශන
Facebook Twitter Instagram YouTube LinkedIn WhatsApp Telegram
© 2025 SL WebCast. All rights reserved.Consultation by ExperGen

Type above and press Enter to search. Press Esc to cancel.

Sign In or Register

Welcome Back!

Login to your account below.

Lost password?