• මුල් පිටුව
  • භාෂාවන්
    • English
    • தமிழ்
  • මාතෘකා
    • ක්‍රීඩා
    • අධ්‍යාපන
    • සෞඛ්‍යය
    • කාලීන තතු
    • ජීවන විලාස
    • මුල්‍ය සහ වෙළදාම
    • විද්‍යාව සහ තාක්ෂණය
  • සංවිධානය
    • Fête
    • Team
    • Welfare
    • අප-පිළිබඳව
    • සම්බන්ධ වන්න
    • ප්‍රතිපත්ති සහ ප්‍රකාශන
sl webcast logo
Facebook Twitter Instagram Pinterest YouTube WhatsApp Telegram LinkedIn
SL WebCast සිංහල
  • මුල් පිටුව
  • භාෂාවන්
    • English
    • தமிழ்
  • මාතෘකා
    • ක්‍රීඩා
    • අධ්‍යාපන
    • සෞඛ්‍යය
    • කාලීන තතු
    • ජීවන විලාස
    • මුල්‍ය සහ වෙළදාම
    • විද්‍යාව සහ තාක්ෂණය
  • සංවිධානය
    • Fête
    • Team
    • Welfare
    • අප-පිළිබඳව
    • සම්බන්ධ වන්න
    • ප්‍රතිපත්ති සහ ප්‍රකාශන
SL WebCast සිංහල
Home»කාලීන තතු»ලංකා ඉතිහාසයේ දැවැන්තම මහජන පිබිදීම
කාලීන තතු

ලංකා ඉතිහාසයේ දැවැන්තම මහජන පිබිදීම

පරිවර්තනය : දිල්මි ගුණසේකර
Shimla WakeelBy Shimla Wakeel16/07/2022Updated:16/07/2022No Comments9 Mins Read
Facebook Twitter Pinterest LinkedIn Tumblr WhatsApp Email Telegram
Share
Facebook Twitter LinkedIn Pinterest Email WhatsApp Telegram

ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස ජාත්‍යන්තරව හැඳින්වෙන ශ්‍රී ලංකාව මේ වන විට අර්බුදයකට ලක්ව ඇත. රාජ්‍ය බලයේ සිටින අයගේ දුර්වල කළමනාකාරිත්වය මුළු ජාතියම විශාල අගාධයකට ඇද දමා තිබේ. දිවයින පුරා විදුලිය විසන්ධි කිරීම, ඉන්ධන, ගෑස් සහ කිරිපිටි වැනි මූලික භාණ්ඩ සඳහා සැතපුම් ගණන් දිගු පෝලිම්, අනෙකුත් එදිනෙදා ආහාර ද්‍රව්‍යවල මිල ගණන්, සාමාන්‍ය ශ්‍රී ලාංකිකයාගේ ජීවිතය අතිශය දුෂ්කර තත්වයකට පත් කර ඇත. කෙසේ වෙතත්, මේ සියලු අවුල් ජාලා මධ්‍යයේ, උද්යෝගිමත් දෙයක් සිදුවෙමින් පවතී.අපගේ කුඩා රටේ ජනතාව ඔවුන්ට සිදු වූ වරදට එරෙහිව එකමුතුකමින් හා  සුහදතාවෙන්  නැගී සිටී. එය දැකීම ද විශ්මයජනකය. ජාතිය, ආගම හෝ සමාජ ආර්ථික තරාතිරම නොතකා, ශ්‍රී ලංකාවේ පුරවැසියන් සාමකාමී ව ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගීමට අත්වැල් බැඳගෙන සිටි.

2022 ශ්‍රී ලංකා විරෝධතාව යනු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රජයට එරෙහිව සිදුවන, ශ්‍රී ලංකාවේ අඛණ්ඩ විරෝධතා මාලාවකි. ආර්ථිකයේ වැරදි කළමනාකරණය, පසුව ඇති වූ ආර්ථික අර්බුදය, දැඩි උද්ධමනය, දෛනික විදුලිය ඇණහිටීම් සහ ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය සම්බන්ධයෙන් රජය විවේචනයට ලක්ව ඇත. උද්ඝෝෂකයන්ගේ ප්‍රධාන ඉල්ලීම වන්නේ ආණ්ඩුව පාලනය කරන රාජපක්ෂ පවුල ඉල්ලා අස්වීමයි. විරුද්ධ පක්ෂ කිහිපයක් සම්බන්ධ වුවද, බොහෝ විරෝධතාකරුවන් තමන් නිර්පාක්ෂික යැයි සලකන අතර ඇතැමුන් වත්මන් පාර්ලිමේන්තු විපක්ෂය කෙරෙහි අතෘප්තිය පවා ප්‍රකාශ කර ඇත. විරෝධතා අතරතුර විරෝධතාකරුවන් “Gota go home” සහ “Go home Rajapaskshas” වැනි සටන් පාඨ කියමින් ගාලු මුවදොර පිටියේ විරෝධතා පවත්වමින් තරුණයින් විශාල කාර්යභාරයක් ඉටු කරමින් පවතී.

 පළමු විරෝධතාව මාර්තු 15 වැනිදා මිරිහානේදී ආරම්භ විය. පහත සඳහන් ගැටළු කිහිපයක් නිසා විරෝධතා ඇති විය.

  • 2019 සිට වර්තමාන ශ්‍රී ලංකා ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස රජයේ ආර්ථික අවපාලනය.
  •  ඉන්ධන සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟය සහ විදුලිය විසන්ධි වීම්.
  • ඉහළ උද්ධමනය සහ ජීවන වියදම වේගයෙන් ඉහළ යාම.
  • රාජපක්ෂ පවුලේ දූෂණ වංචා.

එසේම, විරෝධතා ක්‍රම නම්,

  • නිරූපණය කිරීම්
  •  අන්තර්ජාල ක්‍රියාකාරීත්වය.
  • වැඩ වර්ජන ක්‍රියාව
  • උද්ඝෝෂණ කිරීම්

  එපමණක් නොව විරෝධතාව ආරම්භ කිරීමෙන් පසු තත්ත්වය මෙසේය.

(නොනවත්වා තත්වය මෙසේය)

  • හදිසි තත්ත්වය ප්‍රකාශ කිරීම
  • රටපුරා ඇඳිරි නීතිය පැනවීම
  •  සමාජ මාධ්‍ය ප්‍රවේශය සීමා කිරීම
  •  ගෝඨාභය රාජපක්ෂ ගේ කැබිනට් මණ්ඩලයේ ඉල්ලා අස්වීම.
  • මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඉල්ලා අස්වීම සහ නන්දලාල් වීරසිංහ පත් කිරීම.
  •  ආණ්ඩුවේ මන්ත්‍රීවරු 41ක් පාර්ලිමේන්තුවේ ස්වාධීන වීම.
  •    රාජපක්ෂවාදී මැර කල්ලි විසින් විරෝධතාකරුවන්ට ප්‍රහාර මාලාවක් දියත් කල පසු ප්‍රතිප්‍රහාරයක් ලෙස රාජපක්ෂ හිතවාදීන්ගේ සහ අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දේපළවලට විරෝධතාකරුවන් විසින් හානි කිරීම.
  •    මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීම.
  •    මැයි 9 සිට මැයි 11 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීම මැයි 12 දක්වා දීර්ඝ කිරීම මෙන්ම හමුදාව යෙදවීම.
  •   නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීම.
  • ජාතික ලැයිස්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීම.
  •   විරෝධතාකරුවන් විසින් ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරය අත්පත් කරගැනීම.
  •    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා අස්වීමේ නිවේදනය.

විරෝධතාකරුවන් සහ විරුද්ධ සංවිධාන:

  විරෝධතාකරුවන්

  • ·         සංවිධානාත්මක නොවූ නිර්පාක්ෂික විරෝධතාකරුවන්.
  • ·         විශ්වවිද්‍යාල සිසුන්
  • ·         පෞද්ගලික බස් රථ රියදුරන්, ධීවරයින්, රෝහල් සේවකයන්, ඇතුළු විවිධ වෘත්තීකයන්.
  • ·         බෞද්ධ, ක්‍රිස්තියානි, ඉස්ලාම් සහ හින්දු පූජකවරු.
  • ·         ආබාධිත යුධහමුදා සෙබළුන්.
  • ·         ප්‍රධාන වශයෙන් ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, නවසීලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාව.
  • ·         දේශපාලන පක්ෂ
  1. සමගි ජන බලවේගය
  2. දෙමළ ජාතික සන්ධානය
  3. ජාතික ජන බලය
  4. ජනතා විමුක්ති පෙරමුණ
  5. පෙරටුගාමී සමාජවාදී පක්ෂය

විරුද්ධ සංවිධාන

  •     ශ්‍රී ලංකා රජය
  •   ශ්‍රී ලංකා පොලිසිය
  •    ශ්‍රී ලංකා යුද හමුදාව
  •   ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
  •    රාජපක්ෂ හිතවාදී පාක්ෂිකයෝ
  •   එක්සත් ජාතික පක්ෂය
  •    ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය

   ඇවන්ගාඩ් පී.එම්.සී

 දිවයිනේ පවතින දේශපාලන අර්බුදයක් මධ්‍යයේ, දීර්ඝකාලීන විදුලි කප්පාදු සහ ආහාර හිඟයෙන් හෙම්බත් වී සිටින ශ්‍රී ලාංකිකයන් මිරිහානේ පිහිටි ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස අසලට රැස්ව සිටියහ. විරෝධතාකරුවන් රාජපක්ෂට එරෙහිව “Go Home” වැනි සටන් පාඨ කියමින් රට වැටී ඇති අර්බුද රැසකට විසඳුම් ඉල්ලා සිටියහ.

විරෝධතාකරුවන් රාජපක්ෂගේ නිවස ඉදිරිපිට පොලිසිය සමඟ ගැටුමක් ඇති කර ගත්හ. ශ්‍රී ලංකා යුද හමුදාවට අනුයුක්ත බස් රථයක් සහ ජීප් රථයක් විරෝධතාකරුවන් විසින් ගිනි තබා ඇත. තත්ත්වය පාලනය කළ නොහැකි වීමත් සමඟ කොළඹ ප්‍රදේශ කිහිපයකට පොලිසිය ඇඳිරි නීතිය පැනවීය.

නිදහස් චතුරශ්‍රයේ විරෝධතාව

එහෙත්, රජයට එරෙහිව නිසි ආකාර  ජනතා කැරැල්ල නිදහස් චතුරස්‍රයෙන් ආරම්භ වූ අතර එහිදී අප්‍රේල් 5 සහ 6 යන දිනවල පළමු මහජන විරෝධතාව පැවැත්විණි. එසේම නිදහස් චතුරස්‍රයේ අඛණ්ඩ උද්ගෝෂණ  පැවතීමත් සමඟ සලකියුතු ජනකායක් නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයට පැමිණියහ. 

ගෝඨගෝගම විරෝධතාව

ගාලුමුවදොර විරෝධතාවේ පළමු දිනය අප්‍රේල් 9 වැනිදාය. රට පුරා දක්නට ලැබුණු සියලු ජනතා විරෝධතා අවසන් වී තිබුණේ කොළඹ කාර්ය බහුලම මධ්‍යස්ථානයක පිහිටි ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලයට යාබද තනි ප්‍රධාන ස්ථානයකය. නිර්මාණශීලී ජාතියක් ලෙස අපගේ කීර්ති නාමයට අනුව, ශ්‍රී ලාංකිකයන් මෙම ස්ථානයට  “Gotagogama” ලෙස නම් කර ඇත.

 විමුක්ති උදෙසා මේ ව්‍යාපාරයට සම්බන්ධ වීමට සෑම දිනකම සහ සෑම රාත්‍රියකම දහස් ගණන් මිනිසුන් මෙම ස්ථානයට පැමිණ, බොහෝ විට කූඩාරම් ගසා කඳවුරු බැඳගෙන සිටිති.

 මෙම උද්ගෝෂණ ව්‍යාපාරය මෙතරම් සාර්ථක වීමට බලපාන සාධකයක් වන්නේ සියලුම පෙළපාලි සාමකාමී වීමයි. ජනතාව කලකිරීමෙන් හා කෝපයෙන් වුවත්  සංවිධානාත්මක හා වගකිව යුතු අයුරින් එය සිදු කළහ. මිනිසුන් නිරන්තරයෙන් සටන් පාඨ සහිත පුවරු අල්ලාගෙන පැය විසිහතර පුරාවට නිර්මාණාත්මක ආකාරයෙන් හඬ නඟයි, නමුත් කිසිවිටෙකත් මේ අතිවිශාල ජනකාය මහජන ආරක්ෂාවට බාධාවක් වන්නේ නැත. ගොඨාගෝගම හි සිටින පිරිස් පොදු අරමුණක් වෙනුවෙන් එක්ව ක්‍රියා කරන ආකාරය දැකීම ඇත්තෙන්ම විශිෂ්ටය.

රාමසාන් නෝම්බි අවසන් කිරීමට මුස්ලිම්වරුන්ට කුඩ ඉහලා, වැස්සෙන් ආරක්ෂා වී ආහාර ගැනීමටත් , 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට යුක්තිය ඉල්ලා සිටීමත් , සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට අත්වැල් බැඳගෙන සිටීමත්, බෞද්ධ භික්ෂූන් වහන්සේලාට දානය සපයිමත්, 2020 නිදහස් දිනයේ න්‍යාය පත්‍රයෙන් ඉවත් කළ පසු පළමු වරට ජාතික ගීය දෙමළ භාෂාවෙන් පොහොය දිනයක දී  ගායනා කිරීමත්, මේ සියල්ල මෙම බහු සංස්කෘතික, බහු වාර්ගික ගම්මානයේ දක්නට ලැබෙන දර්ශන වේ.

එකමුතුකම හා  සහෝදරත්වය යන මෙම සුන්දර හැඟීමත්, සියල්ලන්ටම ප්‍රථමයෙන් ශ්‍රී ලාංකික යන බව මෙම ජනතා විරෝධය ඇදහිය නොහැකි තරම් බලවත් වන්න ඇති එකම හා ප්‍රධාන කරුණයි. මෙම එකමුතු කම බිඳදැමීමට තවමත් විවිධ උත්සාහයන් ගනු ලැබුවද, ශ්‍රී ලංකාවාසී ජනතාව වන අපි එක්ව සියලුම බාධක බිඳ දා,ජයගෙන ඉදිරියට යමු.

දින 30ක සාමකාමී උද්ඝෝෂණවලින් පසු රාජපක්ෂ රෙජීමය අරලියගහ මන්දිරයෙන් පිටත උද්ඝෝෂකයන්ට තම මැරයන් මුදා හැරියේය. කූඩාරම් කඩා දමා එහි රැස්ව සිටි පිරිසට පහර දී ගාලු මුවදොරට ගිය මැර පිරිස එහිදී පොලිසිය බලා සිටියදීම ගෝඨගෝගම වෛද්‍ය කූඩාරම සහ පුස්තකාලය ඇතුළු කූඩාරම් විනාශ කළහ. අවසානයේ පොලිසිය ජල ප්‍රහාරක් සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරමින් ප්‍රහාරකයන් විසුරුවා හැරීමට පටන් ගත්තේය. විරෝධතාකරුවන්ගේ ආරක්ෂාව සඳහා නීතිඥවරුන් සහ කාර්යාල සේවකයන් පිටතට පැමිණීමත් සමඟ තත්ත්වය පාලනය කිරීමට කැරලි මර්දන පොලිසිය කැඳවා තිබුනේය. රටපුරා ඇඳිරි නීතිය පනවා තිබුණි.එදින ඇති වූ ගැටුම්වලින් පුද්ගලයන් 7 දෙනෙකු මිය ගිය අතර 231ක් දෙනෙකු තුවාල ලබා ඇත. එහෙත් විරෝධතාකරුවන් කිසිවිටෙකත් උත්සාහය අත් නොහළ අතර, ඔවුන් යුක්තිය වෙනුවෙන් සාමකාමීව දැඩි ලෙස සටන් කළ අතර, ඔවුන් ගෝඨගෝගම යළි ගොඩනැගූහ. GGG 2.0 (Gota go gama 2.0) වඩාත් ශක්තිමත්, වඩා ජාලගත, වඩාත් විවිධාකාර සහ විශාල වුනු බව අපට බොහෝ හොඳින් දිස්විය. “ මෙම උද්ඝෝෂණයට කිසිදු වෙඩි තැබීමක් , කිසිදු මරණයක් , කිසිදු කඳුළු ගෑස් ප්‍රහාරයක් දියත් කල නොහැකි බව.” වෛද්‍ය සංජන හත්තොටුවටපැවසුවේය.

මැරයන් අරලියගහ මන්දිරය අසල බේරේ වැවට තල්ලු කිරීමත් ඔවුන් පිටව යන විට බස් රථවලට පහර දීමත් සමඟ යම් ප්‍රචණ්ඩ කාරී තත්වයක් උද්ගත වුහ .

රාජපක්ෂ පාලනයේ ආධාරකරුවන් විසින් සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල කරන ලද අමානුෂික ප්‍රහාරයට විරෝධය පළ කරමින් මින් ඉදිරියට මහා වැඩවර්ජනයක් කැඳවීමට වරාය, දුම්රිය, තැපැල් සේවකයින් ඇතුළු රජයේ සහ පෞද්ගලික අංශයේ සියලුම වෘත්තීය සමිති ඒකාබද්ධව තීරණය කර ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වූ බව නවතම පුවත් වලින් වාර්තා වූ අතර, මෙයින් පෙන්නුම් කරන්නේ ජනතා බලයයි. එය මේ අරගලයේ පළමු ජයග්‍රහණය විය.

අපේ කණ්ඩායම විසින් ගත් විරෝධතාවල ගත් ඡායාරූප කිහිපයක්,

WhatsApp Image 2022-07-09 at 5.00.38 PM (1)
WhatsApp Image 2022-07-09 at 5.24.54 PM
WhatsApp Image 2022-07-09 at 5.24.50 PM
WhatsApp Image 2022-07-09 at 5.24.51 PM
WhatsApp Image 2022-07-09 at 5.24.49 PM (1)
WhatsApp Image 2022-07-09 at 5.00.40 PM (1)
WhatsApp Image 2022-07-09 at 5.24.55 PM

ජූලි 09

රාජපක්ෂවරුන්ට එරෙහි සාමකාමී කැරැල්ලක් සමඟ දින කිහිපයක් ඉතිරි වූ නමුත් විරෝධතාකරුවන් අපේක්ෂා කළ ප්‍රතිඵලය තවම පැමිණ තිබුණේ නැත. ඉන්ධන නොමැතිව, අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ඉහළ මිල ගණන්, අධ්‍යාපන ක්‍ෂේත්‍රය, සෞඛ්‍ය ක්ෂේත්‍රය පිරිහෙමින් තිබියදී, ඒ සඳහා යමක් කිරීම තමන්ට භාර බව පුරවැසියන් දැන සිටියහ. අනතුරුව ඔවුන් තීරණය කර තිබුණේ ජනාධිපති මන්දිරය අසලට රැස්වී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ආරම්භ කරන ලද මහා කැරැල්ලට එක්වීමටයි.

ඔවුන්ට එම ස්ථානයට පැමිණීමට බොහෝ බාධක ජය ගැනීමට තිබූ අතර, එයින් අදහස් කළේ දුර බැහැර ප්‍රදේශවල සිටින අයට කොළඹට පැමිණීමට ඇති විකල්ප ඉතා සීමිත බවයි. ඔවුන්ට තෝරා ගත හැක්කේ පොදු ප්‍රවාහනය පමණි. තත්වය වඩාත් නරක අතට හැරීම සඳහා රජය දුම්රිය ස්ථාන සඳහා සීමාවක් පැනවීය. නමුත් මෙය සහෝදර ශ්‍රී ලාංකිකයන් එය අඩපණ කළේ නැත. ඒ වෙනුවට, ශ්‍රී ලංකාවේ පළමු වතාවට දුම්රියක් එහි මගීන්ගේ අනසකට යටත් විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් මිලියනයකට ආසන්න ජනතාවක් මෙදින ජනාධිපති ලේකම් කාර්යාලය අවට රැස්ව සිටියහ. විරෝධතාකරුවන් මෙල්ල කිරීමට හමුදා සෙබළුන්ට සහ පොලිස් නිලධාරීන්ට නොහැකි විය.“පොලිසිය අහසට වෙඩි තිබ්බ ද ජනාධිපති නිල නිවස වැටලීම වළක්වන්න නොහැකි වුණා” යැයි එක් අයෙක් පැවසීය.

එම ස්ථාන වටලන  අවස්ථාවේ ගෝඨාබය රාජපක්ෂ / රනිල් වික්‍රමසිංහ ඔවුන්ගේ නිවෙස් වල සිටියේ නැත.ජනාධිපතිවරයාගේ නිළ නිවස තුළ, ෆේස්බුක් සජීවී ප්‍රචාරණයේ දුටු පරිදි  සිය ගණනක් විරෝධතාකරුවන්, ජාතික ධජය දරා එහි  කාමර සහ කොරිඩෝවල හැසිරෙන අයුරු පෙන්නුම් කළේය. ඔවුන්ගෙන් කිහිප දෙනෙක් ජයග්‍රහණය සමරමින් පිහිනුම් තටාකයේ විනෝද වුහ . 

කොළඹ ධනවත් ප්‍රදේශයක පිහිටි රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසක විශාල ගින්නක් හටගෙන ඇති බව සවස් වරුවේ අනාවරණය විය. ඔහුගේ කාර්යාලය සඳහන් කළේ විරෝධතාකරුවන් විසින් එය සිදුකළ බවයි.

කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ පුද්ගලයින් 55 දෙනෙකු මේ වනවිට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර එක් අයෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.

 තුවාල ලැබූ පුද්ගලයින් 11 දෙනෙකු මාධ්‍යවේදීන් ලෙස හඳුනාගෙන ඇති අතර, ඉන් 6 දෙනෙකු ජාතික ප්‍රවෘත්ති සංස්ථාවේ වන අතර ,5 දෙනෙකු  News 1st මාධ්‍යවේදීන් වේ. ඔවුන් අතර සරසි පීරිස්, යූ.ඩී. හින්දුජා, ජනිත මෙන්ඩිස්, චානුක වීරකෝන්, කාලිමුත්තු චන්ද්‍රන්, සහ කැමරා ශිල්පී වරුණ සම්පත්ද විය .

 කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වීඩියෝ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ බදාදා තමන් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දුන් බවයි.

“ජූලි 13 වැනිදා ඉල්ලා අස්වීමට තීරණය කළේ සාමකාමීව බලය පැවරීම සහතික කිරීමටයි,” මහින්ද යපා අබේවර්ධන පැවසීය. එබැවින් නීතියට ගරු කර සාමය ආරක්ෂා කරන ලෙස ද ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියේය. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තමන් ඉල්ලා අස්වීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

“වැඩබලන ජනාධිපතිවරයා යටතේ වත්මන් පාර්ලිමේන්තුවට නව අග්‍රාමාත්‍යවරයෙකු සහ අන්තර්වාර රජයක් පත් කළ හැකියි” යනුවෙන් කථානායක කාර්යාලය නිකුත් කළ ලිපියේ සඳහන් වේ.

 දින 90කට අධික දින ගණනාවකින්  සහ දැවැන්ත පාඩුවලින් පසු ජූලි 9 වැනිදා ශ්‍රී ලාංකිකයන්ගේ ජයග්‍රහණය සඳහා වූ අරගලයේ ඓතිහාසික දිනයක් සනිටුහන් කරයි. දූෂිත පාලකයන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයෙන් කලක් දෙකඩ වූ ජාතියක් අද ශ්‍රී ලංකාවේ දුෂිතම පවුලට එරෙහිව එක්සත් වී ඇත.

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජූලි 14 වැනි දින කථානායකවරයා වෙත විද්‍යුත් තැපෑලෙන් යවා ඇත. ඔහු මේ සතිය මුලදී මාලදිවයිනට පලා ගිය අතර, බ්‍රහස්පතින්දා (14) ඔහු සෞදි ගුවන් සේවයෙන් සිංගප්පූරුවට පලා ගියේය. කෙසේ වෙතත් මූලාශ්‍ර ඔහුගේ ඉදිරි ගමන පිළිබඳ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කර ඇත. ඔහු මාලදිවයිනට පලා යාම සම්බන්ධයෙන් මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් විසින් සාකච්ඡා කර ඇති බව ආරංචි මාර්ග පවසයි. මේ අතර ඔහුගේ ඉල්ලා අස්වීම අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයන්. අවසානයේ 2022 ජූලි 15 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතා සිය විධායක ජනාධිපති ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්විය.

ශ්‍රී ලාංකිකයන් තම මෙහෙවර සාර්ථකව ඉටු කළ අතර, රට පාලනය කිරීම සඳහා බුද්ධිමත් නායකයෙකු තෝරා ගැනීම කෙතරම් තීරණාත්මක දැයි ජනතාව දැන් වටහාගෙන ඇත.

වැඩි විස්තර සඳහා පහත සඳහන් ට්වීට් බලන්න,

Recap to my #GoHomeGota

a frustrated youngster calling his friend @BoomslangSur took him to the street. Even though it was a SJB organized one, people’s struggle was clearly seen!

This followed with couple of silent vigils in Liberty & Kohuwala as well before going to Mirihana pic.twitter.com/3b3Hnsy8JV

— Nuzly ✊🏻🇱🇰 (@nuzlyMN) July 8, 2022

Luego de ver una cantidad considerable de desinformación respecto a #SriLanka🇱🇰 es que decidí hacer un hilo para clarificar algunas cuestiones sobre esta nación.

🧵👇#SriLankaCrisis #SriLankaProtests pic.twitter.com/peCQQVYtfP

— Felipe Galli🗳🇦🇷 (@FEscrutinio) July 10, 2022

2022 crisis economy GGG president protest Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr WhatsApp Email Telegram
Previous Articleලෝකයේ වඩාත්ම පීඩාවට පත් වූ සුළුතරය
Next Article බංග්ලාදේශයේ සංවර්ධනය
Shimla Wakeel
  • Website
  • Twitter
  • Instagram
  • LinkedIn

Assistant Editor - Tamil

Related Articles

කාලීන තතු

කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය

25/11/2023By Ishfa Ishak
ජීවන විලාස

ලෝක සංචාරක දිනය: එහි ආකර්ෂණීය සාරය වෙත ගමනක්

27/09/2023By Hafsa Rizvi
අධ්‍යාපන

වෘත්තීය සහ අධ්‍යයනය කටයුතු

08/07/2023By Rukaiya Khalid
කාලීන තතු

රියාද් හි ලොව විශාලතම නවීන නගරය

18/06/2023By Hafsa Rizvi

Comments are closed.

Advertisement
අතපසු නොකරන්න
කාලීන තතු
කාලීන තතු

කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය

By Ishfa Ishak25/11/2023

ලොව පුරා සිටින ප්‍රජාවන්ට අඛණ්ඩව බලපෑම් කරන මානව හිමිකම් කඩකිරීමක් වන්නේ කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට…

ලෝක සංචාරක දිනය: එහි ආකර්ෂණීය සාරය වෙත ගමනක්

27/09/2023

ජාත්‍යන්තර සාක්ෂරතා දිනය 2023

08/09/2023

ලෝක මානවවාදී දිනය

19/08/2023
අපේ භාෂාවන්
  • English
  • தமிழ்
අපගේ මාතෘකා ගවේෂණය
  • ක්‍රීඩා
  • අධ්‍යාපන
  • සෞඛ්‍යය
  • කාලීන තතු
  • ජීවන විලාස
  • මුල්‍ය සහ වෙළදාම
  • විද්‍යාව සහ තාක්ෂණය
අපේ සංවිධානය
  • Fête
  • Team
  • Welfare
  • අප-පිළිබඳව
  • සම්බන්ධ වන්න
  • ප්‍රතිපත්ති සහ ප්‍රකාශන
Facebook Twitter Instagram YouTube LinkedIn WhatsApp Telegram
© 2025 SL WebCast. All rights reserved.Consultation by ExperGen

Type above and press Enter to search. Press Esc to cancel.

Sign In or Register

Welcome Back!

Login to your account below.

Lost password?