• මුල් පිටුව
  • භාෂාවන්
    • English
    • தமிழ்
  • මාතෘකා
    • ක්‍රීඩා
    • අධ්‍යාපන
    • සෞඛ්‍යය
    • කාලීන තතු
    • ජීවන විලාස
    • මුල්‍ය සහ වෙළදාම
    • විද්‍යාව සහ තාක්ෂණය
  • සංවිධානය
    • Fête
    • Team
    • Welfare
    • අප-පිළිබඳව
    • සම්බන්ධ වන්න
    • ප්‍රතිපත්ති සහ ප්‍රකාශන
sl webcast logo
Facebook Twitter Instagram Pinterest YouTube WhatsApp Telegram LinkedIn
SL WebCast සිංහල
  • මුල් පිටුව
  • භාෂාවන්
    • English
    • தமிழ்
  • මාතෘකා
    • ක්‍රීඩා
    • අධ්‍යාපන
    • සෞඛ්‍යය
    • කාලීන තතු
    • ජීවන විලාස
    • මුල්‍ය සහ වෙළදාම
    • විද්‍යාව සහ තාක්ෂණය
  • සංවිධානය
    • Fête
    • Team
    • Welfare
    • අප-පිළිබඳව
    • සම්බන්ධ වන්න
    • ප්‍රතිපත්ති සහ ප්‍රකාශන
SL WebCast සිංහල
Home»විද්‍යාව සහ තාක්ෂණය»ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ගැන ඔබ දැනගත යුතු දේ
විද්‍යාව සහ තාක්ෂණය

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ගැන ඔබ දැනගත යුතු දේ

පරිවර්තනය : නුස්රත් නිසාම්
Aadhila NasirBy Aadhila Nasir04/08/2022No Comments4 Mins Read
Facebook Twitter Pinterest LinkedIn Tumblr WhatsApp Email Telegram
Share
Facebook Twitter LinkedIn Pinterest Email WhatsApp Telegram

අහස් වස්තුවලින් සහ අපගේ මන්දාකිණියෙන් (ඔබ සිටින ස්ථානය අනුව) රාත්‍රී අහස දෙස බලන විට, ක්ෂීරපථය කැපී පෙනෙන ලෙස අහස පුරා ඉසිනු ඇත, නිසැකවම විශ්වයේ උත්කෘෂ්ටභාවය පිළිබඳ විශ්මයට පත් කරයි

නමුත් මිනිස් වර්ගයා වසර ගණනාවක් තිස්සේ සොයා ගැනීමට උත්සාහ කරන දේ හෙළි කරමින් වඩාත් පැහැදිලි කෝණයකින් මෙම ආලෝක තිත් අනාවරණය කර ගැනීම ගැන සිතන්න.

ජූලි 12 වන දින, කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සිය (CSA) සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය (ESA) සමඟ එක්ව නාසා හි ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය (JWST) මගින් විශ්වයේ නොදුටු තේජස පිළිබඳ උසස් තත්ත්වයේ ඡායාරූප නිකුත් කරන ලදී. අපේ ග්‍රහලෝකයේ සිට සැතපුම් මිලියනයකට ආසන්න දුරකින්.

මෙම ඓතිහාසික අවස්ථාව මේරිලන්ඩ් හි ග්‍රීන්බෙල්ට් හි ගොඩාර්ඩ් අභ්‍යවකාශ පියාසර මධ්‍යස්ථානයේ සිට සජීවී වෙබ් විකාශනයකදී විකාශය විය. විශාලතම අභ්‍යවකාශ දුරේක්ෂය JWST විසින් ගන්නා ලද පින්තූර, මෙතෙක් ලබාගෙන ඇති වඩාත්ම පුළුල් විශ්වීය දසුන ලෙස ප්‍රකාශ කර ඇති අතර, මන්දාකිණිවල ආලෝකය අප වෙත ළඟා වීමට වසර බිලියන ගණනක් ගත වී ඇත.

“අද, අපි ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් විශ්වය පිළිබඳ නව දර්ශනයක් සමඟින් මනුෂ්‍යත්වයට ඉදිරිපත් කරන්නෙමු – ලෝකය මීට පෙර කිසි දිනෙක නොදුටු දසුනක්,” නාසා පරිපාලක බිල් නෙල්සන් පැවසීය.

ධවල මන්දිරයේ පැවති සාකච්ඡාවකදී මෙම තාරකා රූප එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ට පෙන්වනු ලැබීය.

“මෙම පින්තූර ඇමරිකාවට විශාල දේවල් කළ හැකි බව ලෝකයට මතක් කර දෙනු ඇත. එමෙන්ම ඇමරිකානු ජනතාවට – විශේෂයෙන් අපගේ දරුවන්ට – අපගේ හැකියාවෙන් ඔබ්බට කිසිවක් නොමැති බව මතක් කර දෙනු ඇත,” ජනාධිපති බයිඩන් ප්‍රකාශ කළේය.

Credits: NASA, ESA, CSA, and STScI

පින්තූරයේ දැක්වෙන්නේ වසර බිලියන 4.6 කට පෙර විශ්වයේ ඇති හොඳම අධෝරක්ත දර්ශනය සහිත මන්දාකිණි පොකුරක්, (මන්දකාසි දහස් ගණනක් ලෙස ඇස්තමේන්තු කර ඇත) SMACS 0723 ය.

මෙය ජූලි 11 වන දින ධවල මන්දිරයේ සජීවී උත්සවයේදී ජනාධිපති ජෝ බයිඩන් සහ අගමැතිනි කමලා හැරිස් වෙත හෙළි කරන ලදී. Webb විසින් ගන්නා ලද ග්‍රහණය සැලකෙන්නේ, විශ්මය ජනක ලෙස ප්‍රසාරණය වන විශ්වයේ ඉතා කුඩා ප්‍රමාණයක් අතේ දුරින් රඳවාගෙන සිටින වැලි කැට මෙනි.

“ආලෝකය තත්පරයට සැතපුම් 186,000 ක වේගයෙන් ගමන් කරයි. එම ඡායාරූපයෙ කුඩා තිත් වලින්  ඔබ දකින එම ආලෝකය වසර බිලියන 13 කට වැඩි කාලයක් තිස්සේ ගමන් කර ඇත,” නාසා පරිපාලක බිල් නෙල්සන් එසේ පැවසීය.

“ඒ වගේම, අපි තවත් ආපස්සට යනවා, මොකද මේක පළමු රූපය විතරයි. ඒවා අවුරුදු බිලියන 13 හමාරක් විතර ආපස්සට යනවා. ඒ වගේම විශ්වය අවුරුදු බිලියන 13.8ක් පරණයි කියලා අපි දන්න නිසා, ඔයා ආරම්භයට ම වගේ නැවත යනවා.”

ඩොලර් බිලියන 10 ක අභ්‍යවකාශ දුරේක්ෂය 2021 දෙසැම්බර් 21 වන දින දකුණු ඇමරිකාවේ ප්‍රංශ ගයනා සිට Ariane 5 රොකට්ටුවකින් දියත් කරන ලදී. එය සුප්‍රසිද්ධ හබල් අභ්‍යවකාශ දුරේක්ෂයේ අනුප්‍රාප්තිකයා ලෙස සැලකේ. ප්‍රසාරණය වන විශ්වය පරීක්ෂා කිරීම සඳහා නිර්මාණය කර ඇති, JWST සතුව පුළුල් ඉලක්ක දෙකක් ඇත. වසර බිලියන ගණනකට පෙර විශ්වයේ බැබළුණු මුල්ම තාරකා වල ඡායාරූප ගැනීමට, අනිත් එක ඈත ග්‍රහලෝක වලට ජීවය තියෙන්න පුලුවන්ද බලන්න.

Credits: NASA, ESA, CSA, and STScI

මෙම “කොස්මික් කඳු” වල පරිදර්ශනය, විකිරණශීලී තාරකා වලින් සමන්විත වන අතර එය Carina Nebula හි NGC 3324 නමින් හැඳින්වෙන තාරකා තවානක මායිම වේ.

මේරිලන්ඩ් හි නාසා හි ගොඩාර්ඩ් අභ්‍යවකාශ පියාසැරි මධ්‍යස්ථානයේ තාරකා භෞතික විද්‍යාඥ ඇම්බර් ස්ට්‍රෝන්, සජීවී උත්සවය අතරතුර පැවසුවේ “මෙතන බොහෝ දේ සිදුවෙමින් පවතී, එය ඉතා අලංකාරයි”. “අද, පළමු වතාවට, අපගේ දර්ශනයෙන් සම්පූර්ණයෙන්ම සැඟවී තිබූ නවතම තරු අපි දකින්නෙමු.”

JWST අධෝරක්ත වර්ණාවලියක ක්‍රියාත්මක වන්නේ දෘශ්‍ය ආලෝකය මෙන් නොව, අධෝරක්ත ආලෝකයට දිගු තරංග ආයාමයක් ඇති අතර දූවිලි හා වායු වලාකුළු වැනි අභ්‍යවකාශයේ ඇති වස්තූන් හරහා ගමන් කළ හැකි බැවිනි.

 බුධ, මිථුන සහ ඇපලෝ වැඩසටහන් අතරතුර 1961 සිට 1968 දක්වා නාසා හි පරිපාලක ලෙස කටයුතු කළ ජේම්ස් එඩ්වින් වෙබ් ගේ නමින් ආරම්භ වූ දුරේක්ෂය, මන්දාකිණි සිරුරු නිරීක්ෂණ කිරීමට අධෝරක්ත කිරණ භාවිතා කරයි. එහි විෂ්කම්භය මීටර් 6.5 වන රන් දර්පණය භාවිතා කරමින්, JWST හබල්ට වඩා අඩු සංඛ්‍යාත පරාසයක් සහ මධ්‍යම අධෝරක්ත කිරණ හරහා දිගු තරංග ආයාම දෘශ්‍ය ආලෝකයෙන් හඳුනා ගනී.

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය 50K ට අඩු උෂ්ණත්වයක තබා ගත යුතුය. (-2230C ; -3700F ) මක්නිසාද යත්, එක්රැස් වන ආලෝකය දුරේක්ෂයෙන් ම නිකුත් වන අධෝරක්ත කිරණවලට බාධාවක් නොවිය යුතු බැවිනි.

Credits: NASA, ESA, CSA, and STScI

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ස්ටීෆන් ක්වින්ටෙට් ලෙස හැඳින්වෙන අභ්‍යවකාශයේ වේගයෙන් ගමන් කරන මන්දාකිණි පහක් පෙරට වඩා වෙනස්ව පෙන්වයි. Hickson Compact Group 92 (HGC 92) ලෙසද හඳුන්වන මෙම තරු පහේ පද්ධති “කොස්මික් නර්තනයක” පවතින බව පැවසේ.

Credits: NASA, ESA, CSA, and STScI

මෙහිදී අපට සුපර්නෝවායක ශේෂයක් වන සදර්න් රින්ග් නිහාරිකාව පිළිබඳ දර්ශනයක් ලැබේ. බෙදුණු පින්තූරය නිහාරිකාවේ දර්ශන දෙකක් පෙන්වයි; වම් පැත්ත JWST හි NIRCam වෙතින් ආසන්න අධෝරක්ත ආලෝකයේ නිහාරිකාව පෙන්වන අතර දකුණු පසින්, නිරීක්ෂණාගාරයේ MIRI උපකරණයෙන් මධ්‍යම අධෝරක්ත ආලෝකය පෙන්වයි.

“අපි වෙන කවදාකටත් වඩා හොඳ සහ සවිස්තරාත්මක දේවල් දකිනවා, අසල පමණක් නොව දුරින් ඇති දේත් දැකගන්නට පුළුවන්. මේ සියල්ල ගෑස්. මෙම වායුව අභ්‍යවකාශයට මුදා හරින ලද තාරකාව මෙයයි. මෙම වස්තූන් මන්දාකිණිය පුරා ඇති අතර මෙය දුරේක්ෂයට කළ හැකි දේ පිළිබඳ උදාහරණයකි. සුප්‍රසිද්ධ ඇමරිකානු තාරකා භෞතික විද්‍යාඥ Neil deGrasse Tyson NBC ප්‍රවෘත්ති වල සදර්න් රින්ග් නිහාරිකාව ගැන පවසා ඇත.

ප්‍රබල ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය, අභ්‍යවකාශයේ අපූර්වත්වය  මෙම විස්මිත ග්‍රහණ සමඟින් ඉතිහාසයක් ඇති කළ අතර තවමත් නොපෙනෙන ගැඹුරුම දෙය හෙළිදරව් කර නොමැත.

Astronomy NASA Space Telescope
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr WhatsApp Email Telegram
Previous Articleබංග්ලාදේශයේ සංවර්ධනය
Next Article Pegasus යනු කුමක්ද?
Aadhila Nasir
  • Website

Head of Public Relations

Related Articles

විද්‍යාව සහ තාක්ෂණය

ශ්‍රී ලංකාවෙ නවෝත්පාදන තරුණ මනස

17/08/2023By Bishma Bakeer
විද්‍යාව සහ තාක්ෂණය

Pegasus යනු කුමක්ද?

12/08/2022By Hafsa Rizvi

Comments are closed.

Advertisement
අතපසු නොකරන්න
කාලීන තතු
කාලීන තතු

කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය

By Ishfa Ishak25/11/2023

ලොව පුරා සිටින ප්‍රජාවන්ට අඛණ්ඩව බලපෑම් කරන මානව හිමිකම් කඩකිරීමක් වන්නේ කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට…

ලෝක සංචාරක දිනය: එහි ආකර්ෂණීය සාරය වෙත ගමනක්

27/09/2023

ජාත්‍යන්තර සාක්ෂරතා දිනය 2023

08/09/2023

ලෝක මානවවාදී දිනය

19/08/2023
අපේ භාෂාවන්
  • English
  • தமிழ்
අපගේ මාතෘකා ගවේෂණය
  • ක්‍රීඩා
  • අධ්‍යාපන
  • සෞඛ්‍යය
  • කාලීන තතු
  • ජීවන විලාස
  • මුල්‍ය සහ වෙළදාම
  • විද්‍යාව සහ තාක්ෂණය
අපේ සංවිධානය
  • Fête
  • Team
  • Welfare
  • අප-පිළිබඳව
  • සම්බන්ධ වන්න
  • ප්‍රතිපත්ති සහ ප්‍රකාශන
Facebook Twitter Instagram YouTube LinkedIn WhatsApp Telegram
© 2025 SL WebCast. All rights reserved.Consultation by ExperGen

Type above and press Enter to search. Press Esc to cancel.

Sign In or Register

Welcome Back!

Login to your account below.

Lost password?