• මුල් පිටුව
  • භාෂාවන්
    • English
    • தமிழ்
  • මාතෘකා
    • ක්‍රීඩා
    • අධ්‍යාපන
    • සෞඛ්‍යය
    • කාලීන තතු
    • ජීවන විලාස
    • මුල්‍ය සහ වෙළදාම
    • විද්‍යාව සහ තාක්ෂණය
  • සංවිධානය
    • Fête
    • Team
    • Welfare
    • අප-පිළිබඳව
    • සම්බන්ධ වන්න
    • ප්‍රතිපත්ති සහ ප්‍රකාශන
sl webcast logo
Facebook Twitter Instagram Pinterest YouTube WhatsApp Telegram LinkedIn
SL WebCast සිංහල
  • මුල් පිටුව
  • භාෂාවන්
    • English
    • தமிழ்
  • මාතෘකා
    • ක්‍රීඩා
    • අධ්‍යාපන
    • සෞඛ්‍යය
    • කාලීන තතු
    • ජීවන විලාස
    • මුල්‍ය සහ වෙළදාම
    • විද්‍යාව සහ තාක්ෂණය
  • සංවිධානය
    • Fête
    • Team
    • Welfare
    • අප-පිළිබඳව
    • සම්බන්ධ වන්න
    • ප්‍රතිපත්ති සහ ප්‍රකාශන
SL WebCast සිංහල
Home»ක්‍රීඩා»ඉන්දුනීසියානු තෙරපීම හේතුවෙන් 120 කට වැඩි පිරිසක් මිය යයි
ක්‍රීඩා

ඉන්දුනීසියානු තෙරපීම හේතුවෙන් 120 කට වැඩි පිරිසක් මිය යයි

පරිවර්තනය : දිල්මි ගුණසේකර
Ahmadh BoosoBy Ahmadh Booso12/10/2022Updated:12/10/2022No Comments4 Mins Read
Facebook Twitter Pinterest LinkedIn Tumblr WhatsApp Email Telegram
Share
Facebook Twitter LinkedIn Pinterest Email WhatsApp Telegram

ඉන්දුනීසියාවේ පාපන්දු ක්‍රීඩාංගනයක ඇති වූ තෙරපීමකින් පුද්ගලයන් 125 දෙනෙකු මිය ගොස් 320 කට අධික පිරිසක් තුවාල ලබා ඇත. ප්‍රචණ්ඩත්වය මැඩපැවැත්වීම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් භාවිතා කර ඇත. මෙය ලොව ක්‍රීඩාංගණයක වූ දරුණුතම ව්‍යසනයක් බව බලධාරීන් පවසති.

තරඟ රාත්‍රියේදී නැගෙනහිර ජාවා හි මලන්ග් හි අවසන් සංඥාවෙන් පසු ක්‍රීඩාංගනය ආක්‍රමණය කළ පරාජිත කණ්ඩායමේ නොසන්සුන්  වූ ආධාරකරුවන් විසුරුවා හැරීමට උත්සාහ කිරීමේදී පොලිස් නිලධාරීන් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බව එහි පොලිස් ප්‍රධානී නිකෝ අෆින්ටා වාර්තාකරුවන්ට පැවසීය.

“එය අරාජික වී ඇත. ඔවුන් නිලධාරීන්ට පහර දීමට පටන් ගත්හ, ඔවුන් දේපල වලටද  හානි  කළෝය.” ප්‍රධානී නිකෝ පැවසුවේය, තවද පිටවීමේ දොරටුවෙන් පිටවීම සඳහා ප්‍රේක්ෂකයින් කලබල වූ අවස්ථාවේ තෙරපීම සිදු වූ බව ද ඔහු ප්‍රකාශ කල සිටියේය.

ලෝක පාපන්දු පාලක මණ්ඩලය වන FIFA විසින් එහි ආරක්ෂක රෙගුලාසිවලින් අවධාරණය කරන්නේ ගිණිඅවි හෝ “කඳුළු ගෑස්” එහි භාරකරුවන් හෝ පොලිසිය විසින් රැගෙන යාම හෝ භාවිතා කිරීම නොකළ යුතු බවයි.

ක්‍රීඩාංගණවල කඳුළු ගෑස් භාවිතා කිරීමට එරෙහි රෙගුලාසි පිළිබඳව ඔවුන් දැනුවත්ද යන්න පිළිබඳව අදහස් දැක්වීම සඳහා කරන ලද ඉල්ලීමකට නැගෙනහිර ජාවා පොලිසිය ප්‍රතිචාර දැක්වූයේ නැත.

මෙම අවුල් සහගත තත්ත්වයට හේතු වූයේ කුමක්ද?

ඔක්තෝබර් 1 වැනි දින ක්‍රීඩාංගනයේ සිදුවූ තෙරපීම හේතුවෙන් ඇති වූ ව්‍යසනය දශක ගණනාවකට පසු ලොව ඇති වූ දරුණුතම ව්‍යසනය ලෙස පෙනී ගියේය. මලං හි සෞඛ්‍ය ඒජන්සි ප්‍රධානී වියන්ටෝ විජෝයෝට අනුව, අවසාන මරණ සංඛ්‍යාව 125 ක් වන අතර තුවාල ලැබූ සංඛ්‍යාව 323 කි.

රාත්‍රී 10 ට (1500 GMT), පමණ Arema FC කණ්ඩායම Persebaya Surabaya හමුවේ 3-2ක් ලෙස පරාජයට පත්වීමෙන් පසු ක්‍රීඩා ලෝලීන් ක්‍රීඩාංගනය දෙසට දිවඑන  කරන ආකාරය දේශීය ප්‍රවෘත්ති නාලිකාවල වීඩියෝ දර්ශනවලින් පෙන්නුම් කළේය. පසුව කුඩා පොරබැදීම්, සහ කඳුළු ගෑස් සහ නොසන්සුන් රසිකයින් ස්ථානයෙන් පිටතට යන ආකාරය පෙනේ.

සිද්ධියෙන් පසු..

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස පාපන්දු පාලක මණ්ඩලය ඇතුළු බලධාරීන් කිහිප දෙනෙකු ඉල්ලීමක් කර තිබුණි.

රොයිටර් පුවත් ඒජන්සිය වෙත ප්‍රකාශයක් කරමින් FIFA සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ පැවසුවේ “ඉන්දුනීසියාවේ සිදු වූ ඛේදජනක සිදුවීම්වලින් පසුව පාපන්දු ලෝකය කම්පනයට පත්ව ඇති” බවත් මෙම සිදුවීම “සම්බන්ධ වූ සියල්ලන්ටම එය අඳුරු දිනයක්” බවත්ය.

ඒ අනුව, FIFA විසින් PSSI වෙතින් සිද්ධිය පිළිබඳ සවිස්තර වාර්තාවක් ඉල්ලා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා කණ්ඩායමක් මලං වෙත යවා ඇත.

මීට අමතරව, ඉන්දුනීසියාවේ මානව හිමිකම් කොමිසම විසින් පෙර දැනුම්දීමකින් තොරව කඳුළු ගෑස් භාවිතා කිරීම ඇතුළුව භූමියේ ආරක්ෂාව පිළිබඳව විමර්ශනය කිරීමට ද සැලසුම් කර ඇත.

එම ඛේදජනක සිදුවීමෙන් පසු දින, විපතට පත් වූවන් සිහි කිරීම වෙනුවෙන් පුෂ්ප උපහාර සඳහා ශෝකයට පත් ජනතාවක්‍රීඩාංගණයෙන් පිටත රැස්ව සිටිනු දක්නට ලැබුණි. එදින රාත්‍රියේ එම පාපන්දු සමාජයේ සංකේතය වන සිංහ ප්‍රතිමාවක් අසල මිනිසුන් ඉටිපන්දම් දල්වමින් සිටිනු දක්නට ලැබිණි.

එහි ජනතාව, “ඉන්දුනීසියානු පාපන්දු වැලපේ !” සහ “පොලිස් කෲරත්වය නවත්වනු !” යනුවෙන් සඳහන් පුවරු රැගෙන ඔක්තෝබර් 02 වන ඉරිදා රාත්‍රියේ ජකර්තා අගනුවර පැවති ඉටිපන්දම් දැල්වීමේ උත්සවයකට සිය ගණනනින් සහභාගී වූහ.

ඉන්දුනීසියාවේ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ඇතුළු දේශීය හා ජාත්‍යන්තර සංවිධාන කිහිපයක් ප්‍රචණ්ඩ ක්‍රියා අතරතුර පොලිස් ම්ලේච්ඡ ක්‍රියා හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කර ඇති අතර, “එවැනි ජනකායක්  පාලනය කිරීමට රාජ්‍යය විසින් අධික ලෙස බලය යෙදවීම කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි” බව සඳහන් කළේය.

මේ අතර, ඉන්දුනීසියාවේ ප්‍රධාන ආරක්ෂක අමාත්‍ය මෆුඩ් MD, Instagram සටහනක් මගින් ප්‍රකාශ කළේ ක්‍රීඩාංගනය එහි ධාරිතාව ඉක්මවා පුරවා ඇති බවයි. ඔහු පවසන පරිදි 38,000ක් සඳහා නිර්මාණය කර ඇති ක්‍රීඩාංගනය සඳහා ප්‍රවේශපත්‍ර 42,000ක් පමණ නිකුත් කර ඇත.

ඉතිහාසය පුනරාවර්තනය වේ;

වරින් වර ක්‍රීඩාංගණ ව්‍යසනයන් ලොව පුරා ප්‍රේක්ෂකයින් භීතියට පත් කර ඇත,

1964 දී, පේරු ආර්ජන්ටිනාවේ එස්ටැඩියෝ නැෂනල් හිදී සත්කාරකත්වය දුන් අවස්ථාවේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 328 දෙනෙකු මිය ගියහ. 1989 දී, Sheffield හි Hillsborough ක්‍රීඩාංගනය පිරී ඉතිරී ගිය අතරඑහි ආරක්‍ෂිත වැටක් සහිත ආවරණයක් කඩා වැටීමෙන් Liverpool ආධාරකරුවන් 96 දෙනෙකු මිය ගියහ.

ඔබේ ආරක්ෂාව ඔබේ වගකීමයි;

විශාල ජනකායක් සිටින ස්ථානයකට එක්රැස් වීම බොහෝ විට සාමාන්‍ය දෙයක් වන අතර බරපතල ගැටළුවක් ඇති නොවේ.

කෙසේ වෙතත්, විශාල ජනකායක් එහි  ධාරිතාව ඉක්මවා ගියහොත් හෝ අසාර්ථක කළමනාකරණයක් තිබේ නම්, එහි අවුල් වියවුල් ඇති විය හැක.

මිනිසුන් සමූහයක් එකම දිශාවකට එකවර ගමන් කරන විට, සමහරුන් එකිනෙක ගැටී එකිනෙකාට විරුද්ධව ගතිය හැක, එහි ප්‍රතිඵලයක් ලෙස තෙරපීමක් සිදුවිය හැක.

විශේෂඥයන්ගේ උපදෙස් අනුව ජනකායක්  මධ්‍යයේ පිටවීමට ඉක්මන් වීමෙන් වැලකි සිටීම නුවනට හුරුය. එසේම ප්‍රථමාධාර මධ්‍යස්ථාන ස්ථානගත කර ඇති ස්ථාන පිළිබඳව ද අවදානෙන් සිට තුවාල සිදුවූ කෙනෙක් ඇතොත් ඒවාට යොමු කිරීමටද යුහුසුළු වන්න..

ප්‍රධාන වේදිකාව අසල ඇති බාධක හෝ ආරක්ෂක වැටවල්, ජන  පීඩනය වැඩි වීමට ඇති ස්ථාන වලින් ඈත්ව සිටීමට ආරක්‍ෂිත ක්‍රමයකි. චලනය වන සෙනඟක් තුළ සිටින විට, සෙසු සෙනඟ මෙන් වේගයෙන් ගමන් කිරීමට උත්සාහ කිරීම තෙරපීමකදී තුවාල නොවීමට මඟක් බව විශේෂඥයෝ පවසති.

FIFA වයස අවුරුදු 20න් පහළ ලෝක කුසලාන තරගාවලිය ලබන වසරේ මැයි සහ ජුනි මාසවලදී ඉන්දුනීසියාවේදී පැවැත්වීමට නියමිතය. චීනය සත්කාරකත්වයෙන් ඉවත් වීමෙන් පසු ලබන වසරේ ආසියානු කුසලානය පැවැත්වීමට ලංසු තබන රටවල් තුනෙන් එකක් ඉන්දුනීසියාව ද වේ.

 

2022 arema FC fifa indonesia police stampede
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr WhatsApp Email Telegram
Previous Articleබ්‍රිතාන්‍යයේ දීර්ඝතම සේවය කළ රැජිනගේ මරණය
Next Article අවසාන උපකාරක ඇමතුම සියදිවි නසාගැනීමද?
Ahmadh Booso
  • Website

Journalist

Related Articles

අධ්‍යාපන

වෘත්තීය සහ අධ්‍යයනය කටයුතු

08/07/2023By Rukaiya Khalid
ක්‍රීඩා

ඇස්ටන් මාටින් සංවර්ධනය

30/06/2023By Fawaz Ahamed
කාලීන තතු

ඛේදවාචකයකට පත් වූ යේමනය

28/02/2023By Shimla Wakeel
ජීවන විලාස

කටාර් එමීර්වරයාගේ ජීවිතය පිළිබඳ අවබෝධයක්

20/02/2023By Bishma Bakeer

Comments are closed.

Advertisement
අතපසු නොකරන්න
කාලීන තතු
කාලීන තතු

කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය

By Ishfa Ishak25/11/2023

ලොව පුරා සිටින ප්‍රජාවන්ට අඛණ්ඩව බලපෑම් කරන මානව හිමිකම් කඩකිරීමක් වන්නේ කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට…

ලෝක සංචාරක දිනය: එහි ආකර්ෂණීය සාරය වෙත ගමනක්

27/09/2023

ජාත්‍යන්තර සාක්ෂරතා දිනය 2023

08/09/2023

ලෝක මානවවාදී දිනය

19/08/2023
අපේ භාෂාවන්
  • English
  • தமிழ்
අපගේ මාතෘකා ගවේෂණය
  • ක්‍රීඩා
  • අධ්‍යාපන
  • සෞඛ්‍යය
  • කාලීන තතු
  • ජීවන විලාස
  • මුල්‍ය සහ වෙළදාම
  • විද්‍යාව සහ තාක්ෂණය
අපේ සංවිධානය
  • Fête
  • Team
  • Welfare
  • අප-පිළිබඳව
  • සම්බන්ධ වන්න
  • ප්‍රතිපත්ති සහ ප්‍රකාශන
Facebook Twitter Instagram YouTube LinkedIn WhatsApp Telegram
© 2025 SL WebCast. All rights reserved.Consultation by ExperGen

Type above and press Enter to search. Press Esc to cancel.

Sign In or Register

Welcome Back!

Login to your account below.

Lost password?